September, 2, 2019
කොමර්ෂල් බැංකුව පසුගියදා තම බැංකු සීමාවන් වලින් සැලකිය යුතු දුරකින් වෙසෙන පාරිභෝගිකයන් සඳහා මූලික බැංකු පහසුකම් සැපයීම වෙනුවෙන් සකස් කරන ලද බැංකුවේ තෙවන ‘බෑන්ක් ඔන් වීල්ස්’ ජංගම ඒකකය ඌව - සබරගමු පලාත්වල සේවයේ යෙදවීමට පියවර ගන්නා ලදි.
එරත්න, නිවිතිගල, අයගම සහ වේවැල්වත්ත යන ප්‍රදේශවල පාරිභෝගිකයන්ට සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මෙම ජංගම ඒකකයෙන් මුදල් තැන්පතු, සහ ආපසු ගැනීම, බිල් ගෙවීම, බැංකු ගිණුම් විවෘත කිරීම, ණය සඳහා අයදුම් කිරීම, ක්ෂණික සහ පුද්ගලීකරණ ඩෙබිට් කාඞ්පත් නිකුත් කිරීම, ක්ෂුද්‍ර ණය සහ ඊ-හුවමාරු සම්පේ‍්‍රෂණ ගෙවීම් පහසුකම් සඳහා ආරක්ෂිත ලියවිලි ලබා ගැනීම, ආදී විවිධ සේවාවන් සපයනු ලබයි. එසේම මෙය සියලූ සේවාවන් අඩංගු තැන්පතු සහ ආපසු ගැනීමේ යන්ත්‍රයක් වන මුදල් ප්රතිචක්රීයකරණ යන්ත්‍රයකින් (CRM) ද සමන්විතය.
කොමර්ෂල් බැංකුවේ ප්‍රථම ‘බෑන්ක් ඔන් වීල්ස්’ ඒකකය නැගෙනහිර කලාපය කේන්ද්‍රකොට ගනිමින් මඩකලපු දිස්ත්‍රික්කයේ කොක්අඩිචෝලෙයි, වව්නතිව්, ආරයියම්පති, කරදියනාරු නගරවල සහ අම්පාර දිස්ත්‍රික්කයේ කලූතවලි, පෙරියපොරතිව්, වෙල්ලාවේලි, සහ මධ්‍යම කඳවුර - නවිතන්වේලි යන නගරවල දියත් කරන ලදි.
එහි දෙවන ඒකකය උතුරු පලාත කේන්ද්‍ර කරගනිමින් මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුන්කන්, වන්කලායි, මුලන්ග්කාවි, සහ පේසාලේ දල මුලතිව් දිස්ත්‍රික්කයේ චෙම්මාලෙයි සහ කුමුලමුනෙයි ද වව්නියා දිස්ත්‍රික්කයේ රසෙන්තිරන්කුලම් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වට්ටක්කච්චෙයි සහ උරුතිරපුරම් යන නගර සඳහා යොදවන ලදි.
මෙම ජංගම ඒකක මගින් ග්‍රාමීය සහ උප නගරවල වෙසෙන බැංකු පහසුකම් නොමැති සහ බැංකු පහසුකම් අවම ජනතාව සඳහා තම බැංකු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ලැබෙන පිටිවහල ඉමහත්ය. මෙම ජංගම වාහන සේවයේ යොදවා ඇත්තේ සාමාන්‍ය පිළිවෙලකට පවත්වාගෙන යන බැංකු ශාඛාවකින් සේම සේවාවන් ඉටුකරගත හැකි අයුරින් පෙර සැලසුමකට අනුවය. මෙම ක්‍රමය තව දුරටත් උපාය මාර්ගිකව ව්‍යාප්ත කරමින් ආපදා අවස්ථාවල අවශ්‍යතා සහිත පාරිභෝගිකයන් වෙනුවෙන් ඉදිරියේදී සහන සේවාවක් ලෙසද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.
‘බෑන්ක් ඔන් වීල්ස්’ මෙහෙයුම රටේ තෝරාගත් ප්‍රදේශ කීපයක දියත් කරන ලද්දේ බැංකුවේ මූල්‍ය අන්තර්ගත නවෝත්පාදනයක් ලෙස සහ විධිමත් බැංකුකරණ ක්ෂේත්රය පිළිබඳ විශ්වාසය වඩාත් ශක්තිමත් කරනු පිනිසය.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණ/කුඩා හා මධ්‍ය පරිමාණ ව්යවසායකත්වල ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා සහ ඌව සබරගමු කලාපයේ ප්‍රාදේශීය කළමනාකාර එල්මෝ සූරියාරච්චි මහතා විසින් නව ‘බෑන්ක් ඔන් වීල්ස්’ ජංගම ඒකකය විවෘත කළ මොහොත වමේ ඡායාරූපයෙන් දැක්වෙන අතර දකුණේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ හෙට්ටිආරච්චි මහතා විසින් පාරිභෝගිකයෙකු වෙතින් තැන්පතුවක් භාරගත් අන්දමයි.
Video Story