ATG සමූහ ව්‍යාපාරය ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය සඳහා අනුග‍්‍රහය දක්වයි

    September, 2, 2019

    අධි තාක්ෂණික කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගමක් වන ATG සමූහ ව්‍යාපාරය, ශ‍්‍රී ලංකා ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය සඳහා එක්ව සිටින කේ. මධුක දුලංජන ක‍්‍රීඩකයාවෙත රුපියල් ලක්ෂ 3ක අනුග‍්‍රාහකත්වයක් දක්වන ලදි. ශ‍්‍රී ලංකා ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය මාසයක කාල පරාසයක් තුළ පැවැත්වෙන අතර මෙම කාලය තුළ ඔවුන් පර්ත් ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය (සැප්තැම්බර් 4 සිට 8 දක්වා), දකුණු ඔස්ටේ‍්‍රලියානු ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය (සැප්තැම්බර් 12 සිට 15 දක්වා) සහ සිඞ්නි ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය (සැප්තැම්බර් 18 සිට 22 දක්වා) සඳහා සහභාගී වීමට නියමිතය.

    කේ. මධුක දුලංජන ශ‍්‍රී ලංකා ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ නැගී එන නවක ක‍්‍රීඩකයකු ලෙස හැඳින්වෙන අතර 2016 වසරේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ වර්ණ ප‍්‍රදානෝත්සවයේදී එම වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර එම වසර තුළදීම ඔහු දකුණු ආසියානු ක‍්‍රීඩා තරගාවලියේදී රිදි පදක්කම හිමි කර ගන්නා ලදි. එමෙන්ම 2016 වසරේදී වයස අවුරුදු 19න් පහළ ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ නායකත්වය දරන ලදි. වයස අවුරුදු 21දී එම වයස් සීමාව තුළ වැඩිම සම්මාන සහ ජයග‍්‍රහන සංඛ්‍යාවක් දිනා ගත් ක‍්‍රීඩකයා බවට පත් වීමට ද කේ. මධුක දුලංජනට හැකි විය.

    කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටි ATG සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවති චාම් උත්සවයකදී අදාළ අනුග‍්‍රාහක චෙක්පත සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ෆසාල් අබ්දීන් මහතා විසින් කේ. මධුක දුලංජන ක‍්‍රීඩකයා වෙත ප‍්‍රදානය කළ අතර මෙහිදී අදහස් දක්වමින් කේ. මධුක දුලංජන පැවසුවේ ශ‍්‍රී ලාංකීය ජාතික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා අනුග‍්‍රාහකත්වය ලබා දෙන ATG සමුහ ව්‍යාපාරය වෙත සිය ප‍්‍රණාමය පුදකරන බවයි.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ATG සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ ජනරාල් උපාලි කරුණාතිලක මහතා පැවසුවේ ජාතික තලයේ දක්ෂතා දක්වන දේශීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා අනුග‍්‍රහය දක්වමින් ඔවුන්ගේ ක‍්‍රීඩා කටයුතු නංවාලීම සඳහා දායකත්වය දැක්වීම සමූහ ව්‍යාපාරයේ ප‍්‍රමුඛතම කටයුත්තක් බවයි.

    ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් තාරුණ්‍ය සවිබල ගැන්වීම සමූහ ව්‍යාපාරයේ ආයතනික සංස්කෘතියෙහි මුලික අංගයක් බව පැවසීය. ‘‘පසුගිය කාලවකවානුවේදී මෙන්ම දක්ෂතා සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ ජයග‍්‍රහන ලබා ගනිමින් මෙරටට කීර්තියක් අත් කර දීම සඳහා ඉදිරීයේදීත් මෙබඳු දායකත්වයන් ලබා දීමට අපි අපේක්ෂා කරනවා’’ යනුවෙන් පැවසීය.

    ATG සමූහ ව්‍යාපාරය විසින් පසුගිය වසරේ කැනඩාවේ පැවති ලෝක බැඞ්මින්ටන් තරගාවලියට සහභාගී වූ ශ‍්‍රී ලංකා ජාතික කණිෂ්ඨ බැඞ්මින්ටන් කණ්ඩායම් සාමාජික දුමිඳු අබේවික‍්‍රම ක‍්‍රීඩකයා සඳහා අනුග‍්‍රය දැක්වූ අතර 2018 - 2019 වසර සඳහා කොළඹ Synergy Rugby Academy හි නිල ක‍්‍රීඩා ඇඳුම් සඳහා අනුග‍්‍රාහකත්වය ^ jersey sponsor& ලබා දීමට ද පියවර ගන්නා ලදි.

    සේයාරූ සටහන -  බැඞ්මින්ටන් ක‍්‍රීඩක කේ. මධුක දුලංජන ( දකුණු පස) සිය අනුග‍්‍රාහක චෙක්පත ATG සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ ජනරාල් උපාලි කරුණාතිලක මහතා වෙතින් ලබා ගනිමින්.