මෙරට බැංකු නොවන මූල්‍ය ක්ෂේත්රයේ කීර්තිමත් ප්රමුඛයෙකු වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC - CDB) මූල්‍ය සමාගම විසින් අඛණ්ඩ 3වන වරටත් මූල්‍ය අනුග්‍රහය ලබා දුන් වෙළඳ සේවා සය සාමාජික ක්‍රිකට් තරගාවලිය (MCA Open Cricket ‘Sixes’) ඉකුත් සැප්තැම්බර් 1 වනදා MCA ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් විය.
එහිදී එල්.බී ෆයිනෑන්ස් සය සාමාජික කණ්ඩායම සහ මාස් සිලූඒටා අතර පැවති අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එල් බී ෆයිනෑන්ස් කණ්ඩායම පන්දු වාර 5 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 70ක් ලබා ගන්නා ලදී. එල් බී ෆයිනෑන්ස් කන්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වන ඇන්ජලෝ පෙරේරා ලකුණු 24ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. පිළිතුරු වශයෙන් ලකුණු 70ක් හඹා ගිය මාස් සිලූඒටා කණ්ඩායම ලකුණු 74යි කඩුලු 2ක් දැවී අවසන් මහා තරගයේ ජය සනිටුහන් කිරීමට සමත් විය. මාස් සිලියුටෝ කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා නිමෙන්ද ලකුණු 26ක් ලබා ගනිමින් කන්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. CDB සමාගමේ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන සසීන්ද්‍ර මුණසිංහ මහතා, CDB සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දර්ශන ජයසිංහ මහතා, වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ අනුග්‍රාහක කමිටු සභාපති නලින් වික්‍රමසිංහ මහතා, තරඟ කමිටු සභාපති සුජීව ඩි සිල්වා මහතා, වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ මහතා මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වූහ. වසර 30කට අධික අභිමානවත් ඉතිහාසයකින් හෙබි වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (Mercantile Cricket Association) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙරට ජනප්‍රියතම ක්‍රීඩා සැණකෙළියක් ලෙස සැළකේ.