September, 5, 2019
ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, හචිසන් ටෙලි කොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම (Hutchison Telecommunications (Pvt) Ltd) ශ්‍රී ලංකා යුද හමුදාව සමග අත්වැල් බැඳ ගනියි.
ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාව ශක්තිමත් කරන අතරතුර ශ්‍රි ලංකා යුද හමුදා රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා නඟා සිටුවීමේ පොදු අරමුණ ඇතිව හච් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර ගිවිසුම් ගත එකඟතාවකට එළඹිණි. විවිධ සමාජ සත්කාර්යයන් සඳහා දායක වීමට හච් නිරතුරුවම විශාල උන්නදුවක් හා කැමැත්තක් දක්වන අතර ක්‍රීඩාව යනු හච් වසර පුරාම කැප වෙන ප්‍රධාන ක්ෂේත්‍රය ද වෙයි.
ඡායාරූපයේ විස්තර - හචිසන් ටෙලිකොමියුනිකේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා, ශ්‍රී ලංකා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී හා යුද හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමග එකඟතා ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව.
Video Story