October, 22, 2019
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB ෆිනෑන්ස් අධ්‍යාපනික මූල්‍ය සේවා ක්ෂේත්රයට පිවිසෙමින් නැණසර අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය පසුගියදා හඳුන්වාදෙන ලදි. මෙම ණය යෝජනා ක්‍රමය තුළින් සිසුන්ට හෝ වෘත්තිකයින්ට තම උසස් අධ්‍යාපන පාඨමාලාවන් සඳහා වැය වන ගාස්තුවෙන් 90%ක් දක්වා ණය පහසුකම් ලබා දීම සිදු කෙරේ.
HNB ෆිනෑන්ස් හඳුන්වාදෙන මෙම ණැනසර අධ්‍යාපනික ණය යෝජනා ක්‍රමය යටතේ ණය ආපසු ගෙවීම සඳහා වසර 7ක කාලයක් ලබා දෙන අතර සමාගමේ මූල්‍ය සේවා අතර නවතම සේවාව ලෙස මෙය නම් කල හැක.
මෙම නවතම අධ්‍යාපනික මූල්‍ය සේවාව තුළින් සිය තෘතියික අධ්‍යාපනය මෙරටේදී හෝ එතෙර රටක අවසන් කිරීමට අපේක්ෂා කරන සිසුසිසුවියන්ට අවශ්‍ය අධ්‍යාපනික මූල්‍ය පහසුකම් ලබා දෙන අතර CIMA, CIM, SLIM වැනි වෘත්තීය අධ්‍යාපනික කටයුතුවල නිරතවන්නන් සඳහා ද අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කෙරේ.
‘‘ අධ්‍යාපනික සුදුසුකම් සපුරාගැනීමට ඇති ප්රවේශයන් පසුගිය කාලවකවානුව තුළ සුලභ වී තිබුණත් මේ සඳහා දැරිය යුතු මූල්‍යමය ආයෝජනය ද මීට සමගාමීව වැඩි වී තිබෙනවා. මූල්‍ය සේවා සම්පාදකයකු ලෙසට මෙරට ආර්ථිකය ස්ථායිතාව සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙන HNB ෆිනෑන්ස් මෙබඳු මූල්‍ය පහසුකම් තුළින් ශ්‍රී ලාංකීකයින්ගේ අධ්‍යාපනික ඉලක්කයන් සපුරාගැනීමට සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට අත්වැලක් සපයනවා’’ යනුවෙන් HNB ෆිනෑන්ස් හි කළමනාකාර අධ්යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා නැණසර අධ්‍යාපනික මූල්‍ය සේවාව හඳුන්වාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය. මෙම අවස්ථාව සඳහා මෙරට ප්රමුඛපෙළේ උසස් අධ්‍යාපනික ආයතන රැසක නියෝජිතයින් සහභාගී වූහ.
HNB ෆිනෑන්ස් නැණසර අධ්‍යාපන ණය සැලසුම යටතේ පාරිභොගික අවශ්‍යතාව පිරිදි සාධාරණ පොලී අනුපාතයක් යටතේ දිගුකාලීන හෝ කෙටිකාලීන ණය යෝජනා ක්‍රමයකට යෑමේ පහසුකම ලබා දී ඇති අතර අවශ්‍ය ලිපිලේඛන කඩිනමින් ලබාදිම තුළ ඉතා ඉක්මනින් ණය පහසුකම පාරිභෝගිකයින් වෙත පිරිනැමීමේ හැකියාව පවති.
ණය පහසුකම් ලබාගැනීම සඳහා අදාළ අධ්‍යාපන ආයතනය වෙත ඇතුලත්වීමේ ලිපිය සහ මුදල් ගෙවීමේ සැලසුම ්‍යභඊ ෆිනෑන්ස් වෙත ඉදිරිපත් කළ යුතු අතර උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය හදාරන ආයතනය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ අධ්‍යාපනය ආමාත්‍යංශයේ හෝ ආයෝජන මණ්ඩලයේ අනුමත උසස් අධ්‍යාපන ආයතනයක් විය යුතුවේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා යන 0112024848 දුරකථන අංකය ඇතීමෙන් හෝ www.hnbfinance.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.
HNB Finance සමාගම 2011 අංක 42 දරණ මුල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ මෙරට ශක්තිමත් මූල්‍ය සමාගමක් වන අතර මූල්‍ය ක්ෂේත්රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ HNB Finance සමාගම ශාඛා 48ක් සහ සේවා මධ්‍යස්ථාන 22ක් මගින් සියලූම මූල්‍ය සේවා දීපව්‍යාප්තව ලබා දෙන අතර HNB හි ATM යන්ත්‍ර 715ක් හරහා ගනුදෙනුකිරීමේ පහසුකම් සපයා ඇත. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් සවි බල ගන්වමින් ඔවුන් වෙත වෙබ් අඩවිය හරහා මූල්‍ය පහසුකම් සැපයීම තුළින් මෙරට ආර්ථිකය සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් සිටී. ලීසිං, ව්‍යාපාර ණය, ක්ෂුද්‍ර මූල්‍ය ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ළමා ඉතුරුම් , නිවාස ණය, අධ්‍යාපන ණය ඇතුළුව මූල්‍ය සේවා රැසක් HNB ෆිනෑන්ස් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබයි.