ඩෙල් ‘’Save the Waves’’ තෙවැනි පියවර ලෙසින් කළුතර වෙරළ පිරිසිදු කරයි

    October, 22, 2019

    ඩෙල් ‘’Save the Waves’' වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයේ තෙවැනි අදියර, 130 කට අධික ස්වේඡා පිරිසකගේ සහය ඇතුව, කළුතර වෙරළ තීරයේදී පසුගියදා නිමාවට පත් කෙරිණි.

    ඉතාමත් සාර්ථකව අවසන් කෙරුණු ත්‍රිකුණාමල වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුත්තෙන් අනතුරුව පැවති මෙම සත්කාර්යය සඳහා Travel with Wife හා Road to Rights පදනමේ ස්වේච්ඡා කණ්ඩායමේද සහභාගිත්වය දක්නට ලැබිණි. මාහැඟි උපදෙස් හා දැනුම ලබා දෙමින් ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද මේ සඳහා සහය විණි.

    මෙම වසරේ වෙරළ පිරිසිදු කිරීමේ ඊළඟ සත්කාර්යය, උස්වැටකෙයියාව වෙරළ ආශ්‍රිතව පැවැත්වෙන අතර, සමස්ත ව්‍යාපෘතියෙහි ප්‍රගතිය සමාලෝචනය කෙරෙන අවසන් උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදි පැවැත්වීමට නියමිතය. ව්‍යාපෘතියට සමගාමීව දීප ව්‍යාප්තව පැවැත්වුණු ළමා චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් හට එහිදී ඩෙල් ලැප්ටොප් පරිගණක ත්‍යාග වශයෙන් පිරිනැමේ.