October, 22, 2019
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයකු වන ක්රිස්බ්රෝ ආයතනය අභාවයට යමින් ඇති දේශීය පළතුරු පරිභෝජනය දිරිගන්වමින් ඔක්තෝම්බර් 16 දිනට යෙදුනු ලෝක ආහාර දිනයට සමගාමීව ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන නිෂ්පාදනාගාර පරිශ්‍රය ආශ්‍රිතව පළතුරු ප්‍රදර්ශනයක් පැවැත්වීමට පසුගියදා කටයුතු කරන ලදි.
ක්රිස්බ්රෝ ආයතනයේ මානව සම්පත් අංශය විසින් සංවිධානය කළ මෙම දේශීය පළතුරු දැක්ම සඳහා ක්රිස්බ්රෝ ආයතනයේ ව්‍යාපාරික මධ්‍යස්ථාන රැසක සේවකයින් විසින් සිය ගෙවතුවල වගා කරන දේශීය පළතුරු වර්ග රැසක් මේ සඳහා ඉදිරිපත් කෙරිණ. අභාවයට යමින් පවතින දේශීය පළතුරු වර්ග යළි තම ගෙවත්ත තුළ වගා කරමින් ශ්‍රී ලාංකිකයින් තුළ වස විසෙන් තොර පළතුරු වැඩි වශයෙන් අනුභව කිරීමේ පුරුද්ද ප්‍රචලිත කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය.
දීප ව්‍යාප්ත ක්රිස්බ්රෝ ව්‍යාපාරික මධ්‍යස්ථානයන් හි 50 දෙනෙකු පමණ සේවක පිරිසක් මෙම තරගාවලියට සම්බන්ධ වූ අතර එහිදී ඔවුන් කණ්ඩායම් 7ක් යටතේ සිය ගෙවත්තේ වගා කළ පළතුරු වර්ග රැසක් මෙහිදී ඉදිරිපත් කරන ලදි. ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ පළතුරු මුළුමනින්ම දේශීය පළතුරු වර්ගයන් වූ අතර ඇතැම් පළතුරු වර්ග උඩරටට පමණක් අවේණික දුර්ලභ පළතුරු වර්ග විය. පළතුරු වර්ග ඉදිරිපත් කරමින් ජයග්රහන ලැබූ ක්රිස්බ්රෝ සේවකයින් සඳහා වටිනා ත්‍යාග පිරිනැමීමට ද ක්රිස්බ්රෝ පියවර ගනු ලැබූහ.
ක්රිස්බ්රෝ හි සමූහ මානව සම්පත් සහ පරිපාලන කළමනාකාර රන්ජන මහින්දසිරි , මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාර රවි උඩෝවිට සහ ආහාර සැකසුම් සහ අගය එක්කිරීමේ ඒකකයේ ප්‍රධානී කිත්සිරි දිසානායක යන මහත්වරුන් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක් වූහ.
‘‘ අපි ජීවත් වන කාලය අන් කවරදාකටත් වඩා ආහාර පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාලයක් ලෙස හැඳින්වීම වඩාත් උචිතයි. මිනිසුන්ගේ ආහාර සහ ජීවන පැවැත්ම මත ස්ථුලතාවට ලක් වන අතර මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ බෝනොවන රෝග සඳහා ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් දැන් දැන් ගොදුරු වීමයි. ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ අවශ්‍යතා ගුණාත්මක ලෙසින් සපුරාලන දේශීය සමාගමක් ලෙසට දේශීය පළතුරු පරිභෝජනය ප්‍රවර්ධන කිරීම සහ වැඩි වශයෙන් වගා කිරීමට ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම සඳහා අපට වගකීමක් තිබෙනවා. එබැවින් එහි පළමු පියවර ලෙස ක්රිස්බ්රෝ පවුලේ සාමාජිකයින් අතර මෙම යහපත් පුරුදු ප්‍රවර්ධනය කිරීමට අපි පියවර ගනු ලැබුවා. එමෙන්ම මෙබඳු සේවක සහසම්බන්ධතා තුළ සේව්‍ය සේවක සුහදතාව වර්ධනයවීම මෙන්ම සමාගමේ උදාර අරමුණු ජයගැනීම සඳහා සේවකයින්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට ද හැකිවෙනවා’’ යනුවෙන් ක්රිස්බ්රෝ හි සමූහ මානව සම්පත් සහ පරිපාලන කළමනාකාර රන්ජන මහින්දසිරි මහතා පැවසීය.
1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක්රිස්බෝ එතැන් පටන් වෙළෙඳපොල ප්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් සහ කුකුළු ආහාර නිෂ්පාදන ශාලා ඇතුළු පුළුල් පරාසයක ක්රිස්බෝ හි අතු පතර විහිද පවතී. ‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන සංකල්පය ක්රිස්බෝ සමාගමේ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක්රිස්බෝ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය පාරිභෝගික ප්රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.