October, 23, 2019
පොත් කියවීම ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය දරන ප්රයත්නයේ සාර්ථකත්වය ජාත්‍යන්තර ප්රකාශකයින්ගේ සංගමයේ (IPA) සභාපති හියුගෝ සෙට්සර් මහතාගේ පැසසුමට ලක් වී ඇත.
ෆ්රෑන්ක්ෆර්ට් හි පැවති IPA වාර්ෂික සභා රැස්වීමට සහභාගී වෙමින් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා සෙට්සර් මහතාට සහ IPA මහලේකම් හෝසේ බෝර්ගිනෝ මහතාට ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය.
සැප්තැම්බර් මස පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පුද්ගලයින් මිලියන 3 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණීම පිළිබඳව සෙට්සර් මහතා මවිතයට පත්විය. ලබන වසරේ අපේ‍්‍රල් මාසය තුල ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ඒ මහතා අනාවරණය කළේය. ජාත්‍යන්තර ප්රකාශකයින්ගේ සංගමයට රටවල් 69 ක සංවිධාන 81 ක් අයත් වේ.
සේයාරුවෙන් දැක්වෙන්නේ විජිත යාපා මහතා (වමේ) IPA සභාපති හියුගෝ සෙට්සර් මහතා (මැද) සහ IPA මහලේකම් හෝසේ බෝර්ගිනෝ මහතා ෆ්රෑන්ක්ෆර්ට් හි හමුවු අවස්ථාවයි.