October, 29, 2019
ශී‍්‍ර ලාංකීය විවිධ ජන කොටස් අතර අන්‍යෝන්‍ය බැඳීම් ශක්තිමත් කිරීම වෙනුවෙන් ‘මනුදම් වියමන’ මෙරට ජනතාව අතර පැරණිතම මෙන්ම වඩාත් ජනපි‍්‍රයතම සන්නාමයක් වන සන්ලයිට් විසින් දිවයින පුරා රැගෙන යෑම ආරම්භ කිරීමට නියමිතයි.
‘ඔබගේ හදවතත්, නිවසත් විවර කරන්න’ යන තේමාවෙන් එකිනෙකා කෙරෙහි විශ්වාසය, අවබෝධය සහ රැකවරණය ගොඩනැගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ‘මනුදම් වියමන’ ශී‍්‍ර ලාංකික ඔබගේ හදවත් ආමන්ත‍්‍රණය කරයි.
සන්ලයිට් විසින් මෙම වැඩසටහන දියත් කිරීමට හේතු සඳහන් කරමින් Marketing Director – Home Care, Food and Refreshments ශර්මිලා බණ්ඩාර මහත්මිය පැවසූයේ ”ශී‍්‍ර ලාංකිකයින් ලොව වඩාත් ප‍්‍රචලිත වන්නේ ආගන්තුක සත්කාරයට ලැදි පිරිසක් ලෙසයි. එහෙත් වසර 30ක් පුරාවට පැවති ජනවාර්ගික ගැටුම්කාරී තත්ත්වයන් අපව සමාජ පරිහානියට ඇද දැමූවා. අපි එය අබිබවමින් නැගී සිටින්නට උත්සහවත්වනවා සේම, මෙම වසරේ අපේ‍්‍රල් 21 එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් මුළු ජාතියම කම්පාවට පත් කරවීය. වසර ගණනාවක් තිස්සේ සිදුවූ මෙම අමිහිරි සිදුවීම් තුළින් අපගේ ශී‍්‍ර ලාංකීය සෙසු මහජනතාවගේ වටිනා ජීවිත බිලිගත්තා පමණක් නොව, මේ සුන්දර රටේ සාමයෙන්, සමගිව ජීවත් වූ ජනතාව අවිශ්වාසයේ කඩතුරාවෙන් වැසී ගියහ. විශේෂයෙන්ම මෙම වසරේ අපේ‍්‍රල් මස 21 සිදුවීම්වලින් පසුව සමාජයීය වශයෙන් සිදුකරන ලද පර්යේෂණයන්ගෙන් පෙනී යන්නේ ජනවාර්ගික අසමගිය ශී‍්‍ර ලංකාව තුළ විශේෂයෙන් අවධානයට ලක්විය යුතු අංශයක් බවයි. මෙම සිදුවීම හේතුවෙන් එකිනෙකාට විවරව තිබූ සුහද හදවත් යළිත් වසා ගත්තා. සෑම නිවසක්ම සෙසු ප‍්‍රජාවන්ට විවර කර තිබූ දොරටු වසා දැමුවා. අවසානයේ සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ නිවහන වන ශ‍්‍රී ලංකාව එකමුතු බවේ බැඳීම්වලට දොරගුලු දැම්මා. අතීතයේ සිට පැවති ආගන්තුක සත්කාරය ද අභියෝගයට ලක්කර ඇත. මෙරට වසර 135ක් පැරණි විශ්වාසනීය උරුමයක් සහිත සන්ලයිට් සිය ‘රැකවරණයෙන් ශක්තිමත් බැඳීමක්’ යන අරමුණ පෙරදැරිව ශී‍්‍ර ලාංකීය විශ්වාසයට පුනර්ජීවයක් එක්කිරීමේ වැදගත්කමත්, කාලීන අවශ්‍යතාවත් මැනවින් හඳුනාගෙන ඇත,” යනුවෙන්ය.
මෙම වසරේ අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සන්ලයිට්, එම ප‍්‍රහාරයන්ගෙන් දිවි බේරාගත් පිරිසට උපකාර කිරිම ස`දහා විවිධ ආගමික හා සිවිල් සංවිධානයන් සම`ගින් එක්වී කටයුතු කරයි. නමුත් පාස්කු ඉරුදින සිදුවූ කම්පනය දනවන සිදුවීම් තුළ කලබලයට සහ සාමාජයීය වශයෙන් පීඩාවට පත්වූ මෙරට මිලියන 21 ක සෙසු ජනතාවට උපකාර කිරීමේ අවශ්‍යතාව ඉදිරි මාසයන්හි ප‍්‍රමුඛතා කාර්යයක් බවට පත්වූ අතර එය සන්ලයිට් ‘මනුදම් වියමන’ ආරම්භයට හේතු විය. එකිනෙකා අතර ශක්තිමත් බැඳීමක් ගොඩනගා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජාතික දැනුවත්භාවයක් ඇති කිරීමේ මෙහෙයුමකින් ආරම්භ වී දිවයින පුරා සිටින ජනතාවගේ ජන වරමින්, ඔවුන්ගේ ප‍්‍රාර්ථනාවන් දීපව්‍යාප්තව රැගෙන යෑම ‘මනුදම් වියමන’ මගින් සිදු කරයි. එසේ රැගෙන යන ප‍්‍රාර්ථනාවන්ගෙන් සපිරි ‘මනුදම් වියමන’ පසුව ශී‍්‍ර ලාංකීය අනාගත නායකයින් වෙත ඉදිරිපත් කරනු ලබයි. මීට සමගාමීව විවිධ ආගම්, ජාතීන්, ජනවර්ගයන්ගෙන් සමන්විත වූ ශී‍්‍ර ලාංකීය කලාකරුවන් විසින් ගායනා කරන ‘මනුදම් වියමන’ ගීය තුළින් ඔවුන් මෙරට තුළ විශ්වාසයේ, අවබෝධයේ සහ රැකවරණයේ පණිවිඩය පතුරුවා හැරීමට සන්ලයිට් සමඟින් අත්වැල් බැඳගනී.
Marketing Manager – Home Care ෂමාරා සිල්වා මහත්මිය පැවසූවේ ”සන්ලයිට් ශී‍්‍ර ලාංකිකයින්ගේ ජීවිත සමඟින් සමීපව සම්බන්ධ වෙමින් දශක ගණනාවක් තිස්සේ මෙරට සමාජයීය බැඳීම් ශක්තිමත් කරලීමට ඉවහල් වී තිබෙන බවයි. අපගේ මෙම උත්සාහයන්ට නිබඳ සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටින ජනතාව සහ සංවිධාන වෙනුවෙන් අපි සැබවින්ම කැපවීමෙන් පෙනී සිටින්නෙමු. ඉතිහාසයේ ප‍්‍රථම වරට සියලූ ප‍්‍රධාන මාධ්‍ය සංවිධානයන් සන්ලයිට් සමඟින් එක්වී ‘මනුදම් වියමන’ ශී‍්‍ර ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම ගෙන යමින්, බැඳීම් ශක්තිමත් කරගැනීමේ විශ්වසනීය වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ අවබෝධය සමස්ත ජාතියටම හඬනගා කියයි. ආගමික නායකයින්, කලාකරුවන් සහ සමාජයේ ගෞරවනිය පුද්ගලයින් ද මේ සඳහා සම්බන්ධ වී ඇත. මෙම අපේ‍්‍රල් 21 ඛේදවාචකයෙන් විපතට පත්වූ පවුල්වල දිවි බේරා ගත් සාමාජිකයන් සමාජයට ලබා දුන් පණිවිඩය පිළිබඳ මා සංවේදී වුණා. ඔවුන් අද සමාජයේ ඇති අවිශ්වාසය, සැකය දුරු කර බැඳීම් ශක්තිමත් කිරීමේ වැදගත්කම රටට කියා දුන්නා.”
ශී‍්‍ර ලාංකීය ජනතාවගේ, හදවතත් නිවසත් විවර කරමින් බැඳීම් ශක්තිමත් කරන ‘මනුදම් වියමන’ සමඟින් සම්බන්ධ වීමට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 0777388888 අංකය වෙත මිස් කෝල් එකක් ලබාදී ඔබේ නමත් එහි සනිටුහන් කරන්න.
සන්ලයිට් යනු මීට වසර 135 කට පෙර ශී‍්‍ර ලංකාවේ හඳුන්වා දුන් දේශීය වටිනාකමින් හා මෙරට උරුමයන් අවබෝධ කරගත් මෙරටේ ප‍්‍රමුඛතම නිවාස සත්කාරක සන්නාමයකි. එමෙන්ම එය ශතවර්ෂාධික කාලයක් තිස්සේ මෙරට ජනයාගේ විශ්වාසය දිනාගත් ශී‍්‍ර ලාංකීය නිවෙස්වල ප‍්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමය වේ.
කවදත් රැකවරණයේ ශක්තිමත් බැඳීමක වැදගත්කම වෙනුවෙන් කි‍්‍රයාකරන සන්ලයිට් තවත් වසර ගණනාවක් පුරාවට මෙම වටිනා පණිවිඩය ශී‍්‍ර ලාංකීය ජන හදවත් තුළින් ඉදිරියට ගෙන යෑමට කටයුතු සිදු කරනු ඇත.