ක‍්‍රිස්බ්‍රෝ අඛණ්ඩව Culinary Art ප‍්‍රදර්ශනය සමගින් එක්වෙයි

    October, 31, 2019

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයකු වන ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අඛණ්ඩව 2006 වසරේ සිට දකුණු ආසියාවේ විශාලතම ආහාර පාන සහ හෝටල් සේවා ප‍්‍රදර්ශනය ලෙස සැලකෙන Culinary Art Food Expo 2019 සඳහා ආකර්ෂණීය ප‍්‍රදර්ශන කුටියක් සමගින් එක් විය. පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති මෙම ප‍්‍රදර්ශනය ශ‍්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය සහ ජාත්‍යන්තර සූපවේදී සම්මේලනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    මෙවර පැවති ප‍්‍රදර්ශනය සඳහා ප‍්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කරමින් සජීව ලෙස කුකුළු මස් විවිධ ආකාරයන්ගෙන් පිසගැනීම පිලිබඳව පේ‍්‍රක්ෂකයින් දැනුවත් කළ අතර මේ සඳහා දිවයිනේ ප‍්‍රවීන සූපවේදියකු වන නිලාන් චන්දන පතිරණ මහතා එක්ව සිටියාහ. විශේෂයෙන්ම කහ පැහැති කුකුළුමස්වල පෝෂණ ගුණය සහ රසය නොනැසී පිස ගන්නා ආකාරය, එහි ඇති පෝෂණ ගුණය සහ ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනයන් හි පවතින නැවුම් බව පිලිබඳව මෙහිදී නරඹන්නන් දැනුවත් කිරීමටද වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක විය. මීට අමතරව ක‍්‍රිස්බ්‍රෝ සමාගම විසින් සිදුකරනු ලබන ප‍්‍රජා වැඩසටහන් පිලිබඳව ද නරඹන්නන් දැනුවත් කිරීම සහ නව ව්‍යාපාරික අවස්ථාවන් උදා කරගැනීම ද මෙම ප‍්‍රදර්ශනය සමග එක්වීමේ මූලික අරමුණු අතර විය. ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් පැවති ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රදර්ශන කුටියේදී සූපවේදයට අමතරව විනෝදජනක අත්දැකීම් විඳගැනීමට සහ තෑගි දිනා ගැනීමට ද නරඹන්නන්ට අවස්ථාව උදා විය. Culinary Art Food Expo 2019 ප‍්‍රදර්ශනය සඳහා ආහාර පාන සේවා සපයන්නන්, නිෂ්පාදකයින්, හෝටල් සේවා සම්පාදකයින්, මෙන්ම මීට සමගාමීව ශ‍්‍රී ලංකාවේ දසදෙසින් පැමිණි සූපවේදීන් විසින් ඉදිරිපත් කළ නිර්මාණ සිය ගණනක් සහිත තරගාවලියක්ද සංවිධානය කෙරිණ.

    මේ පිළිඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරෙස් සෙලර් මහතා ‘‘ දකුණු ආසියාවේ විශාලතම ආහාර පාන සහ හෝටල් සේවා ප‍්‍රදර්ශනය ලෙස සැලකෙන Culinary Art Food Expo සමග අඛණ්ඩව 2006 වසරේ සිට රැුඳී සිටිම තුළ මෙහි වටිනාකම පිළිබඳව අපගේ තක්සේරුව මනාව පිලිබිඹු කෙරෙනවා. අපගේ නිෂ්පාදනයන්හි ගුණාත්මක බව පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගැනීම මෙන්ම ක‍්‍රිස්බ්‍රෝ සමාගම පිළිබඳවත් මෙම කර්මාන්තය පිළිබඳවත් සත්‍ය තොරතුරු ජනතාව අතරට ගෙන යෑමේ ප‍්‍රශස්ත අවස්ථාවක් මෙබඳු ප‍්‍රදර්ශනහරහා ලැබෙන අතර වෘත්තීය සූපවේදීන්ගේ කුසලතා එළිදැක්වීමේ අවස්ථාවක් මේ හරහා ලැබෙන බැවින් ඔවුන් විසින් ආහාර පාන ක්ෂේත‍්‍රය වෙත ලබා දෙන දායකත්වයට යම් සහයෝගයක් ක‍්‍රිස්බ්‍රෝ ආයතනය හරහා ලබාදීම ද අපගේ අරමුණු අතර වෙනවා. එමෙන්ම මෙබඳු ප‍්‍රදර්ශන සඳහා සහභාගී වීම තුළින් අපගේ නිෂ්පාදනයන්හි ගුණාත්මකබව හා ප‍්‍රමිතිය මත නව ව්‍යාපාරික අවස්ථාවන් රැුසක් ද අපට හිමි ව තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

     1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බෝ එතැන් පටන් වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් සහ කුකුළු ආහාර නිෂ්පාදන ශාලා ඇතුළු පුළුල් පරාසයක ක‍්‍රිස්බෝ හි අතු පතර විහිද පවතී. ගොවිපොළේ සිට ආහාර මේසය දක්වායන සංකල්පය ක‍්‍රිස්බෝ සමාගමේ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක‍්‍රිස්බෝ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.