Airport Aviation Services (Sri Lanka) Ltd. සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතුවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා IFS Applications 10  මෘදුකාංගය තෝරා ගැනේ

    November, 7, 2019

    Airport Aviation (Sri Lanka) Ltd. (AASL) සමාගම සිවිල් ගුවන් තොටුපොළ කළමනාකාරීත්වය සහ සංවර්ධනය පිළිබඳ නීත්‍යානුකූල බලය හිමි ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් වන අතර ගුවන් තොටුපොළ මූල්‍ය කටයුතු, සැපයුම් දාම, නඩත්තු කටයුතු ඇතුළු තවත් බොහෝමයක් ව්‍යාපාර පරිපාලන කටයුතු වඩාත් විධිමත්ව කරගෙන යාම සඳහා IFS Applications™ 10 මෘදුකාංගය භාවිතයට ගැනීමට AASL සමාගම තීරණය කොට ඇති බවට ජාත්‍යන්තර මෘදුකාංග සමාගමක් වන IFS සමාගම ප‍්‍රකාශ කරයි.

    ප‍්‍රධාන පෙළේ ERP සමාගම් රැුසක් අතරින් IFS Applications 10 මෘදුකාංගය AASL  විසින් තෝරා ගැනීමට ප‍්‍රධාන හේතුව වූයේ එමඟින් එක් සංයුක්ත මෘදුකාංගයක් හරහා ආයතනයේ සියලූ ප‍්‍රධාන ක‍්‍රියාවලීන් පරිපාලනය කිරීමට හැකි අතර මෙහෙයුම් කටයුතු සම්බන්ධ තොරතුරුවල නිරවද්‍යභාවය මෙන්ම සමස්ත ක‍්‍රියාවලිය පිළිබඳ තථ්‍යකාලීන අවබෝධයක් ලබා ගැනීමට ද මේ හරහා හැකියාව ලැබීම හේතුවෙනි.

    AASL  සමාගමේ විධායක අධ්‍යක්‍ෂ, සංජීව විජේරත්න මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. ” IFS මෘදුකාංගය හරහා අපගේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්‍ෂමතාව වර්ධනය කරගැනීමට හැකියාව ලැබීම මෙන්ම ගුවන්ගමන් හා ආරක්‍ෂක ක්‍ෂෙත‍්‍රයන්ට සම්බන්ධ අන්තර්ජාතික මට්ටමේ ERP සැපයුම් සමාගමක් සමඟ එක්ව කටයුතු කරන්නට ලැබීම ද අපට ඉමහත් සතුටක්. IFS මෘදුකාංගය හරහා අපට ඉතා කාර්යක්‍ෂම හා කඩිනම් සේවාවක් සපයන්නට අවකාශ ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.”

    AASL සමාගමේ ප‍්‍රධාන ගුවන් තොටුපොළවල් දෙකක් වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) සහ මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MRIA) මෙන්ම රත්මලාන, මඩකළපුව සහ යාපනය යන අන්තර්ජාතික ගුවන් තොටුපොළවල් සඳහා ද IFS 10 මෘදුකාංගය හඳුන්වා දීමට නියමිතය.

    IFS සමාගමේ දකුණු ආසියානු කලාපයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ/නියෝජ්‍ය ප‍්‍රධානී - විකුණුම් සහ අලෙවිකරණ ශිරාස් ලයි මහතා අදහස් දක්වමින් මෙසේ ප‍්‍රකාශ කළේය. ” AASL වැනි ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ඍජුව දායකත්වය සපයන ආයතනයක් සඳහා සේවා සැපයීමට ලැබීම අපගේ ගමන්මගේ ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. IFS තාක්‍ෂණය හරහා ඉතා ඉහළ කාර්ක්‍ෂමතාවක් ළඟා කරගන්නට මෙන්ම සමාගමේ මහා පරිමාණ මෙහෙයුම් කටයුතු මනා සංවිධිත බවකින් පවත්වා ගන්නටත් හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.”

    මෙම අවස්ථාවට සහභාගී වූ IFS සමාගමේ රාජ්‍ය අංශ ප‍්‍රධානී වන කාවින්ද මහවෙදගේ මහතා ද මෙසේ අදහස් පළ කළේය. ”මෙවැනි මහා පරිමාණ මෘදුකාංග හඳුන්වා දීම සම්බන්ධයෙන් IFS සමාගමට බොහෝ අත්දැකීම් තිබෙනවා. ගුවන් ගමන් හා ආරක්‍ෂක ක්‍ෂෙත‍්‍රයේ පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීම තුළින් ලද අත්දැකීම් ඔස්සේ AASL සමාගමට ඉතාමත් ඉහළ මට්ටමක සේවාවක් ලබා දීමට අප බලාපොරොත්තු වනවා.”

    IFS පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ifs.com වෙබ් අඩවියට පිවිසෙන්න. AASL පිළිබඳ තොරතුරු දැන ගැනීමට www.airport.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

     

     

    ඡායාරූප - වමේ සිට : එල්. දහනායක මහතා (මූල්‍ය ප‍්‍රධානී), එම්.සී.ජී. මහීපාල මහත්මිය (මානව සම්පත් ප‍්‍රධානී), කාවින්ද මහවෙදගේ මහතා - රාජ්‍ය අංශ ප‍්‍රධානී - IFS, ධම්මික රණතුංග මහතා - සභාපති AASL (exchanging MOU) සහ ශිරාස් ලයි - කළමනාකරණ අධ්‍යක්‍ෂ/නියෝජ්‍ය ප‍්‍රධානී විකුණුම් සහ අලෙවිකරණ, IFS දකුණු ආසියානු කලාපය, ස්ටීවන් කීස් - IFS සභාපති APJMEA, ඉමල්ක ද සිල්වා Senior Solution Advisor IFS