වසරේ දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය – ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා 2019’

    November, 7, 2019

    මෙවරත් නොවැම්බර් 22, 23, සහ 24 BMICH හිදී

    සිංගර් ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වන ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ අඛන්ඩව නව වන වරටත් නවතම විශේෂාංග රැසක් සමගින් සිය ආදරණීය පාරිභෝගිකයන් වෙත නොවැම්බර් මස 22 සිට 24 දක්වා තෙදින පුරා BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

    වසරින් වසර විවිධ තේමාවන් යටතේ ජන ජීවිතයට නැවුම් අත්දැකීමක් එක්කරමින් එළැඹෙන වසරේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාව නව මගකට යොමු කරන සොඳුරු වෙනසට දොරටු විවර කරන ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ වෙළෙඳ ප්‍රදර්ශනය තුලින් ලොව විශිෂ්ටතම වෙළෙඳනාම යටතේ එළිදැක්වුනු විවිධ වර්ගයේ සහ විවිධ මාදිලියේ භාන්ඩ දහස් ගණනක හෙට ලොව දිනන තාක්ෂණික විප්ලවය එකම ස්ථානයකදී දැක බලා අත්විඳ මිලදී ගැනීමේ අවස්ථාව සියලු ශ්‍රී ලංකා වාසීන්ට උදා කරදී ඇත.

    සෑම වසරකම ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය නිෂ්පාදන සිය වෙළඳ නාම ලැයිස්තුවට එක්කර ගන්නා සිංගර් සමාගම මෙවරත් ලොව හොඳම වෙළඳ නාම 50 අතර රැඳි ජෝන් ඩියර් සහ යුරෝපයේ ජනප්‍රියතම ගෘහ උපකරණ වෙළඳ නාමයක් වන ඉන්ඩෙසිට් ඇතුලු සුපිරි වෙළඳනාම 50කට අධික ප්‍රමාණයකට අයත් ගෘහ උපකරණ සිය ගණනක් ප්‍රදර්ශණයට එක්කර ඇත.

    පසුගිය වසර 13ක් පුරා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ නාමය ලෙස පාරිභෝගික ජනප්‍රසාදය අඛන්ඩව හිමිකරගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලාංකේය වෙළඳපළට අනාගතයේ හඳුන්වාදීමට සූදානම් භාන්ඩ ගණනාවක් මෙවර ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ වෙළඳ ප්‍රදර්ශනයේදී එළිදක්වන අතර එහිදී ශ්‍රී ලංකාවේ අංක එකේ වෙළෙඳ නාමය වන සිංගර් සමගින් ඉලෙක්ට්‍රොනික ලොවේ ප්‍රමුඛතම වෙළෙඳ නාමයන් වන සෝනි, සැම්සං, ෂාප්, හිටාචි, ටීසීඑල්, ස්කයිවර්ත් නිෂ්පාදනයන්ද ගෘහ උපකරණ වෙළෙඳ නාම අතර ජනප්‍රිය බෙකෝ, පැනසොනික්, මෝලිනෙක්ස්, ප්‍රෙස්ටීජ්, ටිෆාල්, ඉන්ඩෙසිට්, කෙන්වුඩ් භාන්ඩද ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඒ සමගම ලොව සුපතල හුවාවි, ඇපල් සහ සැම්සං වැනි දුරකථන නවීන මාදිලියන්ද ඩෙල්, අසුස් වැනි පරිඝනකද ප්‍රදර්ශනය කෙරේ.

    සාම්ප්‍රදායික වෙළඳ ප්‍රදර්ශණ සීමාවන් ඉක්මවා යමින් සිංගර් සමගින් අත්වැල් බැඳගත් පාරිභෝගිකයන් හට සංගීතය, ඉවුම් පිහුම්, විලාසිතා සපිරුනු දැනුම සහ සතුට එක්කල හෝරා කිහිපයක නවමු අත්දැකීම ලබාදෙන විශේෂාංග ගණනාවක් මෙම තෙදින පුරා ඉදිරිපත් කිරීමට සූදානම් කොට ඇත. භාතිය සන්තුෂ් ඇතුළු ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් සහ ජනප්‍රිය ගායක ගායිකාවන් සමගින් සංගීත ප්‍රසංග මෙවරත් දින තුන පුරා පැවැත්වෙන අතර ප්‍රදර්ශණ දිනයන්හි දිවයිනේ ජනප්‍රිය සූපවේදීන් විසින් ඉදිරිපත් කෙරෙන සජීවී ඉවුම් පිහුම් වැඩසටහන් තුලින් විවිධ ආහාර පාන පහසුවෙන් පිළියෙල කරගන්නා ආකාරයද අත්විඳිය හැක. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවන් සහභාගී වන ආකර්ෂණීය විලාසිතා දැක්ම සහ දක්ෂතම මැජික් ශිල්පීන්ගේ මැජික් සංදර්ශණද ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ හි ජනප්‍රිය අංගයන් වන අතර කුඩා දරුවන් සඳහා මෙවරත් ළමා ක්‍රීඩා අංගනයද එක් කොට ඇත. දිවයින පුරා දසත විසිරී සිටින සුළු පරිමාණයේ ව්‍යවසායකයින් හට අතදෙමින් සිංගර් වෙළඳ කුටි වලට අමතරව පාරිභෝගිකයන්ට අවශ්‍ය අනෙකුත් විවිධ භාන්ඩ අලෙවි කිරීමට සුළු ව්‍යාපාරිකයන්හටද  මෙම ප්‍රදර්ශණය තුල අවස්ථාව ලබාදී ඇත.

    සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ මහතාගේ සංකල්පයක් මත 2011 වසරේදී ප්‍රථම වරට ආරම්භ කෙරුනු ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ ප්‍රදර්ශණය අද වන විට ශ්‍රී ලංකාවේ එක් දිනක් තුල වැඩිම පිරිසක් පැමිණෙන වසරේ දැවැන්තම ප්‍රදර්ශණය බවට වාර්ථා ගතවී ඇත.

    "පළමු වැනි ප්‍රදර්ශණය සැළසුම් කිරීමේදී මට අවශ්‍ය වුනේ අපේ ශ්‍රී ලාංකික ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශණයක අත්දැකීම ලබාදීමත් ඒ හරහා සිංගර් නාමය කිසිවකුටත් සම කල නොහැකි තලයකට ඔසවා තැබීමත් යන කාරනා දෙකයි.  අද අප නිවසක් නිවසක් පාසා ඒ ස්ථානය අත්පත් කරගෙන සිටිනවා. ඒ ගැන මට ආඩම්බරයි. ලෝකයේ විශිෂ්ටතම නිෂ්පාදකයන් නවීනතම තාක්ෂණය යොදා ගනිමින් තම වෙළඳ නාම හරහා එළි දක්වන අලුත්ම නිෂ්පාදන මෙහිදී ඉදිරිපත් කිරීමට අප හැමවිටම උත්සාහ කරනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය අත්විඳ ආකර්ශණීය වට්ටම් සහ දීමනා යටතේ මිලදී ගන්නත් පුළුවන්. තමන්ගේ නිවසට හෝ කාර්යාලයට වගේම අලුත් අවුරුද්දේ නෑගම් යද්දි තෑගි දෙන්නත් භාන්ඩ මිලදී ගැනීම දැන් මෙහි එන බොහෝ දෙනෙකුගේ පුරුද්දක්. ශ්‍රී ලාංකිකයන් ඉදිරි වසර සඳහා අවශ්‍ය සියලුම ගෘහ, කාර්යාල මෙන්ම කෘෂි උපකරණද මිලදී ගැනීමට මෙම ප්‍රදර්ශණය පැමිණෙන තුරු මග බලා සිටින අතර පසුගිය වසර කිහිපය මුළුල්ලේ භාන්ඩ මිලදී ගැනීම සඳහා විදේශිකයන්ද විශාල වශයෙන් පැමිණීම පිළිබඳවත් අප බෙහෙවින් සතුටු වෙනවා" යි ප්‍රදර්ශණය පිළිබඳව අදහස් දක්වමින් කුමාර සමරසිංහ මහතා පැවසීය.

    තවත් විශේෂ කරුණක් එක් කරමින් අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’හි ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබෙන ආදායම මෙවරත් සිංගර් සමාගම විසින් දිවයින පුරා පවත්වනු ලබන විවිධ සමාජ සුබසාධන කටයුතු සඳහා යොදා ගන්නා බවය.

    2019 වසරේ දැවැන්තම  හා විශිෂ්ටතම වෙළඳ ප්‍රදර්ශණයේ සුවිසල් අත්දැකීම ලබාගැනීමට පවුලේ සියලු දෙනා එක්ව නොවැම්බර් මස 22, 23 සහ 24 යන දිනයන් හි  BMICH වෙත පැමිණෙන ලෙස සිංගර් ශ්‍රී ලංකා සමාගම සියලු ශ්‍රී ලාංකිකයන්හට ආරාධනය කරයි.