November, 20, 2019
පුළුල් පරාසයක විහිද සිටින විවිධත්වයෙන් යුතු සිය ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීම සඳහා ප්‍රයිම් සමූහය කොළඹට සමීප කේන්ද්‍රස්ථානයක් වන කොට්ටාව නගරය ආශ්‍රිතව 2020 වසර අවසන් වන විට නිවාස 160කින් සමන්විත ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. අක්කර 10ක සුන්දර පරිසරයක පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය පසුගිය වසරේදී ඉදිකිරීම් අරඹන ලදි.
අලංකාර ලෙස නිර්මාණය කළ ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය මනාව සකස් කළ මිදුලක් සහිත තනි නිවසක හෝ මහල් නිවසක ජීවත් වීමේ කැමැත්ත සහිත පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව වෙනුවෙන්ම වෙන්වූ නිවාස ව්‍යාපෘතියකි. පසුගිය වසරේ ඇරඹි මෙහි පළමු අදියර ඔස්සේ නිවාස 80ක් මේ වන විටත් ඉදිවෙමින් පවතින අතර 2020 වසර වන විට නිවාස 160හිම වැඩ අවසන් කිරීමට හැකිවන බව ප්‍රයිම් සමූහය විශ්වාසය පළ කරයි.
දෙවැනි අදියර තුළදී මහල් නිවාසයන්හි අදිකිරීම් ඇරඹීමට නියමිත අතර මෙම ව්‍යාපෘතියට අයත් සෙසු පහසුකම් වන පිහිණුම් තටාකය, ශරීර සුවතා මධ්‍යස්ථානය, වොලිබෝල් සහ බැඞ්මින්ටන් ක්‍රීඩාපිටි, ඉදිවීමට නියමිත අතර ජීවන තත්වයෙන් උසස් මෙන්ම නිසංසල වටපිටාවක දිවිගෙවීමට අවස්ථාව සැලසේ.
ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතියේ සෑම නිවසක්ම පර්චස් හයත් අටත් අතර ඉඩකඩකින් සමන්විත වන අතර මහල් නිවාස ඉදිවෙන වපසරිය සුන්දර කුඹුරුයායකට මුහුණලා පිහිටා තිබීම නිසා නෙතට වඩාත් ප්‍රියජනක දසුන් මවයි. සෑම නිවසක්ම මනාව සකස්කළ මිදුලකින් ද, ඉදිරිපස ස්වයංක්‍රීය ගේට්ටුවක් සහිත මායිම් පවුරකින් සමන්විත වේ. තනි නිවාස නිදන කාමර දෙකකින් හෝ තුනකින් මෙන්ම දෙමහල් නිවාස නිදන කාමර තුනකින් සමන්විත වේ. මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාසයන්හි මිල ගණන් රුපියල් මිලියන 9.7 සිට 20 දක්වා පරාසයක පවතී. ප්‍රයිම් සමූහය විසින් ඉදිකරන සෑම නිවාසකම ඉදිකිරීම් සහ සවිකිරීම් සඳහා වසරක නඩත්තු වගකීමක් පිරිනැමේ.
ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය කේන්ද්‍රස්ථානයක පිහිටි බැවින් කොට්ටාව, අතුරුගිරිය, හෝමාගම, මහරගම, මත්තෙගොඩ යන නගරයන්ට පහසුවෙන් ළඟාවීමේ හැකියාව පවතී.
ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය තවත් සුවිශේෂී වන්නේ ප්‍රයිම් සමූහය විසින් පළමු වරට මෙම ව්‍යාපෘතිය හරහා සාප්පු නිවාස ^Shop house& හඳුන්වාදීම සමගයි. මෙහිදී පාරිභෝගිකයින්ට සිය නිවසේ උඩුමහලේ රැඳෙමින් පහත මහලේ සිය ව්‍යාපාරය කරගෙන යෑමේ අවස්ථාව ලබා දී ඇත.
“නගරයේ කලබලකාරී පරිසරයෙන් බැහැරව එහෙත් පහසුකම් සහිතව තනි හෝ දෙමහල් නිවසක ජීවත්වීමට කැමැත්තක් දක්වන පාරිභෝගිකයින් සඳහා වඩාත් නිවැරදි තෝරාගැනීම මෙම ව්‍යාපෘතිය ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි අතර පැය 24පුරාම ආරක්ෂාව, ක්‍රීඩා පහසුකම් , සුපිරි වෙළෙඳසැල් ඇතුළව සුවපහසු දිවියක් සඳහා අවැසි පහසුකම් බොහොමයක් මීට අන්තර්ගතව පවතී. විශේෂයෙන්ම මෙහි ක්‍රියාත්මක වන සාප්පු නිවාස සංකල්පයට අනුව සුලු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට නව ව්‍යාපාරික අවස්ථාවන් මෙමගින් ඇති වන බව මගේ විශ්වාසයයි” යනුවෙන් ප්‍රයිම් සමූහයේ නියෝජ්‍ය සභාපතිනි සඳමිනි පෙරේරා මහත්මිය පැවසීය.
සාධාරණ මිල ගණන් යටතේ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ඉඩම් සහ දේපොළ මිලදී ගැනීමේ අවස්ථාව ප්‍රයිම් ලෑන්ඞ්ස් ශ්‍රී ලාංකිකයින්ට ලබා දී ඇත.
මීට දශක දෙකකට ඉහත ඇරඹි ප්‍රයිම් සමූහය මේවන විට මෙරට විශාලතම ඉඩම් සහ දේපොළ සංවර්ධන සමාගම බවට පත් ව ඇත. සිය ඉඩම් සහ නිවාස ව්‍යාපෘති හරහා වඩාත් උසස් ජීවන අත්දැකීමක් අත්විඳීමට ඔවුන් පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී ඇත.
ප්‍රයිම් ලෑන්ඞ්ස් පුද්ගලික සමාගම මීට වසර 25 කට පෙර ආරම්භ කරන ලද අතර ”මිහිකතෙන් හොඳම තැනක්” යන තේමා පාඨය අනුව ක්‍රියාත්මක වෙමින් අද වන විට දේපල සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට සමත්ව තිබේ,ශ්‍රී ලංකාවේ සම්මානනීය සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඞ්ස් පසුගිය වසරේ ”ප්‍රොපර්ටි ගුරු” ආසියානු දේපල ව්‍යාපාර සම්මාන උළෙලේදී‘Best Developer’ යන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. එසේම ශ්‍රී ලංකාවේ සේවය කළ හැකි හොඳම සමාගම් 25 අතරට අඛණ්ඩව 5 වතාවක් තේරී පත්වීමට ප්‍රයිම් ලෑන්ඞ්ස් සමත් වූ අතර LMD ව්‍යාපාරික සඟරාව මගින් වඩාත් ගෞරවනීය සමාගම් ලැයිස්තුවට 2016 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව තෙවතාවක් ඇතුලත් කර ඇත.