STI හෝල්ඩිංග්ස් මෙරටට හඳුන්වාදුන් Helical Anchoring ඉදිකිරීම් තාක්ෂණයට අදාළ වැඩමුළුව සහ ප‍්‍රයෝගික පරීක්ෂණය සාර්ථකව සිදුකරයි

    November, 25, 2019

    පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් ^ St. Theresa Industries Holdings & සිය 45 වන සංවත්සරයට සමගාමීව හඳුන්වාදුන් Helical Anchoring භූමි අභ්‍යන්තර ඉදිකිරීම් තාක්ෂණයට අදාළ වැඩමුළුව සහ ප‍්‍රයෝගික පරීක්ෂණය පසුගියදා පිළියන්දල ලංකා විදුලිබල මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයෙදී සාර්ථකව පැවැත්වින. මෙහිදී සංවිධානය වූ වැඩමුළුව සඳහා STI හෝල්ඩිංග්ස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ කොලින් ප‍්‍රනාන්දු , භූමි අභ්‍යන්තර ඉදිකිරීමේ තාක්ෂණය ලොවට හඳුන්වාදුන් Hubbell Power Systems හි ඉංජිනේරුසේවා කළමනාකාර ගැරී එල්.සීඩර්, Hubbell Power Systems හි කළමනාකාර මධ්‍යම ආසියාව තිමති සී. තියෝ සහ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ෂෝන් ඩවුනි යන මහත්වරුන් සහභාගී වූහ.

    STI හෝල්ඩිංග්ස් සහ Hubbell Power Systems hk යන ආයතනයන් විසින් ඒකාබද්ධව සංවිධානය කළ මෙම වැඩසටහන තුළදී Helical Anchoring භූමි අභ්‍යන්තර ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳව පූර්ණ අවබෝධයක් මෙම අවස්ථාවට සහභාගී වූ ඉංජිනේරු වෘත්තිකයින්ට සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී සිටින නිලධාරීන්ට ලබාදුන් අතර මීට අදාළ ප‍්‍රායෝගික පෙරහුරුවක් ද පැවැත්වින. Hubbell Power Systems හි  ඉංජිනේරුසේවා කළමණාකාර ගැරී එල්.සීඩර් මහතා විසින් පැවැත්වූ දේශනය තුළ තාක්ෂණයට අදාළ ක‍්‍රමවේදය, භාවිතය, සිද්ධි අධ්‍යයනයන් මෙන්ම ප‍්‍රායෝගික භාවිතයේදී අත්විඳින අභියෝග පිළිබඳව ද අවධානය යොමු කරන ලදි.

    ‘‘ ඉදිකිරීම් සහ බලශක්ති සේවා ක්ෂේත‍්‍රයේ ගෝලීය දැවැන්තයකු වූ Hubbell Power Systems සමග එක්ව STI හෝල්ඩිංග්ස් (St. Theresa Industries Holdings) සිය 45 වන සංවත්සරයට සමගාමීව මෙරටට හඳුන්වාදුන් Helical Anchoring භූමි අභ්‍යන්තර ඉදිකිරීම් තාක්ෂණය මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ සහ භූමි අභ්‍යන්තර ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නිම් වළලූ පුලූල් කරමින් වඩාත් වේගවත් සහ සවිමත් විසඳුමක් මෙම ක්ෂේත‍්‍රයට ලබා දී තිබෙනවා. මෙම තාක්ෂණය පිලිබඳව වඩාත් යාවත්කාලීන තොරතුරු සහ ප‍්‍රයෝගිකව මෙය භාවිතා කළ හැක්කේ කෙසේද යන වග මෙරට සිටින ඉංජිනේරු වෘත්තිකයින්ට වඩාත් පැහැදිලිව දැකගැනීම සඳහා අපි මෙම අවස්ථාව ඔවුන් වෙත උදා කර දීමට කටයුතු කළා. ඉදිකිරීම් සහ බලශක්ති ක්ෂේත‍්‍රය තුළ STI හෝල්ඩිංග්ස් විසින් ස්ථාපිත කර ඇති විශිෂ්ටත්වයේ මිණුම් ද`ඩු මෙබඳු තාක්ෂණිික හඳුන්වාදීම් සමගින් ඉහළට ඔසවා තැබෙන අතර අපගේ අවසාන ඉලක්කය වන මෙරට ආර්ථිකය සඳහා දායක වන ව්‍යාපෘති වැය සඵලතාවකින් යුතුව ක‍්‍රියාත්මක කිරීමේ උදාර අභිලාෂය ද මුදුන්පමුණුවා ගැනීමට අපට හැකි වෙනවා’’ යනුවෙන් STI හෝල්ඩිංග්ස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ කොලින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

    වසර 100කට ආසන්න කාලයක ඉතිහාසයක් සහිත වර්තමානයේදී වඩාත් යාවත්කාලීන වූ මෙම Helical Anchoring තාක්ෂණය ලොව පුරා සැහැල්ලූ සහ මහා පරිමාණයේ වාණිජ ඉදිකිරීම් සඳහාත්, යන්ත්‍රෝපකරණ ස්ථාපනය කිරීම සඳහාත්, විදුලි සංදේශ සහ බලශක්ති කුළුණු ස්ථාපනය තිරීම සඳහාත් භාවිතා කෙරේ. එමෙන්ම භූගෝලිය වශයෙන් ළ`ගා වීමට අසීරු ස්ථානයන් වෙත ළ`ගා වීමට හැකි වීම මෙහි තවත් විශේෂත්වයකි. එනම් ඉදිකිරීම් සථාපිථ කිරීමට අපහසු කඳු බෑවුම්, කඳු මුදුන්, පාරිසරික වශයෙන් සංවේදී කලාපයන්හි ඉදිකිරීම් සඳහා Helical Anchoring තාක්ෂණය පහසුවෙන් භාවිතා කළ හැක. මෙහි ඇති අනෙක් විශේෂිත වාසිය වන්නේ අපහසු පාරිසරික කලාපයක සිදුකෙරෙන ඉදිකිරීමක් සඳහා වැය වන වියදමෙන් හරි අඩකටත් වඩා අඩු පිරිවැයක් තුළින් මූලික භූමි අභ්‍යන්තර ඉදිකිරීම් කටයුතු සිදු කරගැනීමටත් එමගින් වැය වන කාලය ඉතිරි කර ගැනීමටත් ඉදිකිරීම් සමාගමට හැකියාව ලැබීමයි.

    මේ පිළිබඳව අදහස් පළකරන STI හෝල්ඩිංග්ස් හි අධ්‍යක්‍ෂ (තාක්ෂණික කළමනාකරන) මදුශංඛ ප‍්‍රනාන්දු මහතා ‘‘ පොළව අභ්‍යන්තරය තුළ යන්ත්‍රෝපකරණ තැන්පත් කිරීමට සහ අභ්‍යන්තර ඉදිකිරීම් සඳහා මෙම Helical Anchoring තාක්ෂණය භාවිතා කරන අතර දැනටමත් ඇමරිකාව, යුරෝපය, ඔස්ටේ‍්‍රලියාව ඇතුළුව රටවල් ගණනාවක භූමි අභ්‍යන්තර අත්තිවාරම් කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිතා කරනවා. බලශක්ති ක්ෂේත‍්‍රය සඳහා Helical Anchoring තාක්ෂණය උපරිම කාර්්‍යක්ෂමතාවක් සහිත වියදම් අවම , ඵලදායී ඉදිකිරීම් විසඳුමක් වන බැවින් මෙරට ආර්ථිකය සඳහා මෙම තාක්ෂණය දැනෙන බලපෑමක් ඇති කරනු ඇති බව මගේ විශ්වාසයයි. Helical Anchoring තාක්ෂණය දියුණු රටවල නිරන්තරව භාවිතා කරන අතර කාර්යක්ෂම බව අතින් ඉහළ තාක්ෂණයක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකියි. සුළු පරිමාණයේ ඉදිකිරීම් වලට පමණක් නොව කිලෝ මීටර් 10,000ක් දක්වා දිව යන විදුලි සම්ප්‍රේෂණ කුළුණු සඳහාත් මෙම තාක්ෂණය භාවිතා කළ හැකියි’’ යනුවෙන් පැවසීය.

    STI හෝල්ඩිංග්ස් ^ St. Theresa Industries Holdings &විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනය සූර්ය බලශක්ති ජනනය, බලශක්ති ක්ෂේත‍්‍රයට අදාළ ඉදිකිරීම්, විදුලිබලය ආශ‍්‍රිත සේවා, විදුලිසංදේශ, යන ක්ෂේත‍්‍රයන්හි මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම බවට පත්ව සිටී. 1973 කුඩා සමාගමක් ලෙස ඇරඹි STI හෝල්ඩිංග්ස් බලශක්ති ක්ෂේත‍්‍රයේ නව තාක්ෂණයන් මෙරටට හඳුන්වාදුන් පුරෝගාමී සමුහ ව්‍යාපාරය බවට ද පත්ව සිටී. බලශක්ති උත්පාදනය, විදුලිබල ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය කෙරෙන වානේ ආශ‍්‍රිත උපාංග නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු නිෂ්පාදනාගාරයක් සහිත මෙරට එකම සමාගම ලෙසත් ීඔෂ හෝල්ඩිංග්ස් හැඳින්විය හැක. එමෙන්ම බලශක්ති සම්පේ‍්‍රෂණ කුළුණු නිෂ්පාදනය කරන මෙරට එකම පුද්ගලික ආයතනය වන STI හෝල්ඩිංග්ස් ශ‍්‍රී ලාංකිය බලශක්ති සම්පේ‍්‍රෂණ කටයුතු සඳහා 98% ක දායකත්වයක් ද ලබා දෙයි.

    STI හෝල්ඩිංග්ස් සෙන්ට් තෙරේසා ඉන්ඩස්ටී‍්‍රස්, සෙන්ට් තෙරේසා ඉන්ඩස්ටී‍්‍රස් කෙන්යා , සමුද්‍ර ලංකා , STI ප්‍රොජෙක්ට්ස් සහ SINO-STI කොපරේෂන් යන අනුබද්ධිත සමාගම් 5කින් සමන්විත වන අතර මේ සෑම සමාගමක්ම මෙරට දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙයි.