විනිමය කොමිසමෙන් ලංකා රේටින්ග් ඒජන්සි වෙත වාරණයක්

    June, 5, 2015

    සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ.

    කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු 25 වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අඛණ්ඩව සිදු කිරීමට මෙය බාධාවක් නොවන බව කොමිසම සඳහන් කර ඇත.

    ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධීක්ෂණය යටතේ මෙරට ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු සිදුකරන අතර මෙය ලංකාව තුළ ක්‍රියාත්මක ණය ප්‍රාමාණීකරණ ආයතන (Credit Rating Agency) තුනෙන් එකකි.