December, 2, 2019
1990 දශකයේ සිට ශ්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ සහ ජනප්‍රිය ගායක යුගලයක් වන ‘‘භාතිය සන්තුෂ්” ඔවුන්ගේ රසික රසිකාවියන්ට සමීප කරවමින් Rakuten Viber විසින් රසික රසිකාවියන්ට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගත හැකි Viber ස්ටිකර් එකතුවක් 2019 නොවැම්බර් 27 වන දින, නිකුත් කළේය. ඒ අනුව භාතිය සන්තුෂ් රසික රසිකාවියන් ඇතුළු සියලූම Viber පරිශීලකයන් 27 වනදා සිට මෙම ස්ටිකර් පැකේජය බාගත කර ගැනීමට හැකියාව ඇත.
මේ ස්ටිකර් ඇසුරුම සියලූම Viber පරිශීලකයන්ට කරන්නන්ට සහ ඊභී රසිකයින්ට නොමිලේ ලබා ගත හැකි අතර, මෙම ස්ටිකර් චැට් කිරීම විනෝදජනක සහ සැහැල්ලූ හදවතක් ඇති කරලීමේ ආශ්වාදය ගෙන දෙයි. පරිශීලකයින් BNS ස්ටිකර් ඇසුරුම බාගත කළ විට, ඔවුන්ට ස්වයංක්‍රීයව BNS Viber ප්‍රජාවට සම්බන්ධ වීමට හැකි වේ.
Viber හි ”භාතිය සන්තුෂ්” යනුවෙන් සර්ච් කිරීම මගින් පරිශීලකයින්ට BNS ප්‍රජාවට බැඳිය හැකිය. නිල වශයෙන් සහතික කරන ලද ”භාතිය සහ සන්තුෂ්” වයිබර් ප්‍රජාව තුළ, රසිකයින්ට ඔවුන්ගේ ප්‍රියතම ගායක යුගලය ඇඟිලි තුඩු මගින් හසුරුවමින් අදහස් හුවමාරු කර ගත හැකිය.
BNS මෙරට සංගීත ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදුකල ගායක යුගලක් වන අතර ඔවුන්ගේ සංගීත ශෛලිය නව පරම්පරාවේ රසික රසිකාවියන් මෙන්ම පැරණි ගීත රසික රසිකාවියන්ද එක ලෙස ප්‍රිය කිරීම නිසා රටේ අති විශාල ජනප්‍රියත්වයකට හිමිකම් කියයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Rakuten Viber හි ජ්‍යේෂ්ඨ අධ්යක්ෂ අනුභව් නයාර් මහතා මෙසේ පැවසීය. ”ශී‍්‍ර ලංකාවේ ජනප්‍රිය ගායක යුගලයක් වන BNS සමඟ හවුල් වීමට ලැබීම ගැන Viber සතුටට පත්වෙනවා. Viber වයිබර් ප්‍රජාව තුළ සිටින රසිකයන්ගෙන් අපට විශාල ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. ඒ වගේම ඔවුන්ට ඊටත් වඩා සේවාවක් ලබා දීමට අපි බලාපොරොත්තු වනවා.”