December, 3, 2019
ටාටා වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින් පෙරළිකාර ටාටා PRIMA ටිපර් රථ හතරක් ලංකා විදුලිබල මණ්ඩලයේ නොරොච්ච්චෝලෙයි පිහිටි ලක් විජය බලාගාරයට නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි.
විදුලි බල මණ්ඩලයට බෙදා හැරුණු මෙම ටිපර් රථ ඝන මීටර 16 හතරැස් බඳකින් (16 cubic meter box body) යුක්ත වන අතර කැණීම් කර්මාන්තය සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද ඒවාය. ටාටා PRIMA මාදිලි පෙළ පස් හා ගල් ප්‍රවාහනය සඳහා ඝන මීටර 18 හතරැස් බඳ සහිතව 6x4 පරිමාවෙන්ද, ඉහළ බර ප්‍රමාණයක් පැටවීම සඳහා, ඝන මීටර 20 හතරස් බඳකින් යුක්තව, 8x4 පරිමාවෙන් ද වෙළෙඳ පොළේ පවතී.
“ඩීමෝ වෙතින් හඳුන්වා දුන් ටාටා PRIMA අප විසින් තෝරා ගත්තේ, මෙම වාහන ඉහළම බර ප්‍රමාණයක් පැටවීමට සුදුසුවීම, පහසු රියදුරු අසුන සහ සුවපහසු ඉඩකඩ හා වේගයෙන් ගමන් කිරීමේ හැකියාව මෙන්ම, නඩත්තුව සඳහා අවම පිරිවැයක් දැරීමට හැකි වීම ආදී කාරණා නිසයි. තවද නැවත විකිණීමේදී ඉහළ වටිනාකම සමගින් ඩීමෝ වගකීම් සහතිකය හා අලෙවියෙන් පසු සේවා ජාලය අප හට වඩාත් වැදගත් වෙනවා.” ලංකා විදුලිබල මණ්ඩලයේ ලක් විජය විදුලි බලාගාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්ද්‍රසිරි ගාල්ලගේ සඳහන් කරයි.
මෙම ටිපර් රථ භාර දීමේ නිල උත්සවයේදී අදහස් දක්වමින් ඩීමෝ හි අධ්යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙසේ සඳහන් කළේය. “ඉන්දියාවේ වෙළඳ වාහන නිෂ්පාදනයෙහි ප්‍රමුඛයා වන ටාටා මෝටර්ස් වෙතින් එන ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා උසස්ම තත්වයේ ටාටා PRIMA ටිපර් රථ, වැඩි දියුණු කළ තාක්ෂණය, අවම මෙහෙයුම් හා නඩත්තු පිරිවැය සමගින් ශ්‍රී ලංකාවේ යටිතල සංවර්ධනයෙහි විශාල වෙනසක් සහ සංවර්ධනයක් සිදු කරනවා" යනුවෙනි.
ටාටා මෝටර්ස් වෙතින් එන ටාටා PRIMA ඉදිකිරීම් ටිපර් රථ පෙළ කැණීම් හා ඉදිකිරීම් ක්ෂේත්රය වෙනුවෙන් විශේෂයෙන්ම නිෂ්පාදනය කර තිබේ. නව යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කලට වේලාවට නිම කිරීම සඳහා විශ්වාසය තැබිය හැකි උසස් තාක්ෂණය හා විශිෂ්ටතම උපකරණ බෙහෙවින් වැදගත් වේ. එබැවින්, එම ක්ෂේත්රයන්හි ප්‍රබල අවශ්‍යතා සපුරා ලීමේ අරමුණින් පාරිභෝගිකයා වෙතට එන ටාටා PRIMA ඉදිකිරීම් ටිපර් රථ පෙළ, 250HP සිට 380HP දක්වා බල ගැන්වෙන Cummins Engine, ZF සිට සම්ප්‍රේෂණ හැකියාව, heavy duty Hub Reduction Axles, HVAC සහිත ඉතාලියේ නිර්මාණය කළ PRIMA Cabin සහ Bogie Suspension, නව ආකාරයකට හැඩ ගැස්විය හැකි ආසන, රියදුරු තොරතුරු පද්ධතිය හා වැඩි ගබඩා පහසුකම් වලින්ද සමන්විත වේ.
ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ වෙනස් වන රථ වාහන ඉල්ලුම සඳහා සරිලන ටාටා වෙළඳ වාහන මාදිලි පෙළ, ඩීමෝ අලෙවියෙන් පසු සේවා සහයෝගය සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳව ඩීමෝ සමාගම ඉතාමත් ආඩම්බරයට පත් වෙයි.
ටාටා වෙළඳ වාහන මාදිලි පෙළ කුඩා ප්‍රමාණයේ වෙළඳ ට්‍රක් රථ (Small Commercial Trucks) (ටොන් 1 ට අඩු බරක් පැටවීම සඳහා), සින්ගල් කැබ් රථ (single cabs) (පවුලේ හා ව්‍යපාරික කටයුතු සඳහා යොදා ගත හැකි) සැහැල්ලු වෙළෙඳ ට්‍රක් රථ (Light Commercial Trucks (බඳ තට්ටුව අඩි දහයේ සිට 12 දක්වා), අධි බර වෙළඳ වාහන (Heavy Commercial Trucks), ටිපර් රථ (Tippers), ප්‍රයිම් මූවර් රථ හා බස් රථ (ආසන 28 සිට 54 දක්වා) ආදියෙන් සමන්විත වෙයි.
ලංකා විදුලි බල මණ්ඩලය මේ වසරේ සිය 50 වැනි සංවත්සරය සමරන අතර, ලංකාවේ එකම ගල් අඟුරු බලාගාරය වන නොරොච්චෝලෙයි බලාගාරයෙහි මෙහෙයුම් කටයුතු 2014 වසරේදී ආරම්භ කෙරිණි.
ඉන්දියාවේ ටාටා මෝටර්ස් සමාගම හා ඩීමෝ අතර පවතින ශක්තිමත් සබඳතාවය වසර 58 ක ඉතිහාසයකට උරුකම් කියයි. වර්තමානය වන විට ටාටා වෙළඳ වාහන, බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ රථ වාහන අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රිය කරන සන්නාමය බවට පත් වී ඇත. ඩීමෝ- ටාටා මේ වන විට, 350 කට අධික අලෙවිකරුවන් පිරිසක් සමග පාරිභෝගිකයින් හට ටාටා අලෙවිය, සේවය හා නියම අමතර කොටස් මෙන්ම පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවය සපයමින් රට පුරා ශාඛා 28 කට අධික ප්‍රමාණයක් මෙහෙයවයි.
ඡායාරූප විස්තරය - ටාටා PRIMA 2525 LX ටිපර් රථය ඩීමෝ හි අධ්යක්ෂ විජිත බණ්ඩාර මහතා විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ලක්විජය බලාගාරයේ යාන්ත්‍රික ඉංජිනේරු සංජීව ප්‍රියදර්ශන මහතා වෙත භාර දුන් අවස්ථාව. ටාටා වෙළඳ වාහන අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-ඩීමෝ, සම්පත් කුමාරසිංහ, ටාටා මෝටර්ස්හි ශ්‍රී ලංකා කළමණාකාර බෝධ් මුඛියා, ඩීමෝ කොළඹ ශාඛාවේහි ශාඛා කළමණාකාර ප්‍රසන්න මාපටුනගමගේ, ටාටා මෝටර්ස් හි ට්‍රක් රථ හා බස් රථ අංශයේ කලාපීය කළමණාකාර අනුභව් බාලි, ඩීමෝහි ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක සංජීව සූරියාරච්චි, ඩීමෝහි යෙදවුම් කළමණාකාර ධම්මික සමරනායක යන මහත්වරුද එම අවස්ථාවට සහභාගි වූහ.