පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂට සහ නව රජයට සුභ පතයි

    December, 5, 2019

    විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබමින් ශ‍්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයට අභිනවයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) තම සුභ පැතුම් එක්කරන අතර ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ න්‍යාය පත‍්‍රය සඳහා නව පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

    පුද්ගලික රෝහල් සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා තම සුභපැතුම් එක්කරමින් ‘‘අභිනවයෙන් පත්වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රජාපක්ෂ මහතාට, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, ගරු සෞඛ්‍ය හා පෝෂණ ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ඔවුන්ගේ සියලූ කටයුතු සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි  පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම් එක් කිරීමට කැමතියි.”

    ‘‘අප නව රජය සහ ප‍්‍රතිපත්ති සමග සමීපව කටයුතු කිරීමට අදහස් කරන අතර විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය පිලිබඳ දැක්ම වන ‘‘පළමුව සෞඛ්‍යය සහ බෝ නොවන රෝග අවම කරමු” යන තේමාව ඔස්සේ කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය යටිතල පහසුකම් ශක්තිමත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.” යැයි පැවසීය

    ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස 200 කට අධික සංඛ්‍යාවක් ඇති අතර නව තාක්ෂණය හඳුන්වා දෙමින් සහ සායනික ප‍්‍රතිකාර සේවා ලබා දෙමින් රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ලබයි. තවද සුපිරි විශේෂත්වයක් සහිත තෘතීයික සත්කාර සේවා ලබා දීම මගින් මෙම රෝහල් බොහොමයක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින්නා වූ හිඩැස් පුරවන අතර රෝගීන්ට සෞඛ්‍ය සේවාවන් තෝරාගැනීම සඳහා අවකාශ සලසනු ලබයි.

    ‘‘ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස ඉහළම ගුණාත්මක භාවයෙන් යුත් සේවයක් සහතික කරමින්  සෑම කාර්යයක්ම රෝගීන් කේන්ද්‍රගතව සිදුකරන අතර එකී සාමුහික දැක්ම සාක්ෂාත් කිරීම සඳහා නව  රජය සහ අනෙකුත් පාර්ශවයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපි කැපවී සිටිමු.මේ සඳහා අප ශක්තිමත් නමුත් සමබර නියාමන තන්ත‍්‍රයක් තුළ ප‍්‍රමිතිකරණයක් ඇතිකරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙත ප‍්‍රවේශ වීම කෙරෙහි අවධානය යොමු කරන්නෙමු.”

    ‘‘සෑම පුරවැසියකුටම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතු අතර ඒ වෙනුවෙන් පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය ^APHNH& නව රජය සමග ඒකාබද්ධව කටයුතු කිරීමට කැපවී සිටින්නෙමු.”යනුවෙන් එම ප‍්‍රකාශය උපුටා දක්වයි.