June, 8, 2015
පිට පිටම පස්වන මාසය සඳහාත් ගෙවුණු මැයි මාසයේදී කොළඹ තේ වෙන්දේසියේදී තේ මිල ගණන් පහළ ගොස් තිබෙන අතර පහත රට තේ වර්ගවල මිල ගණන් පසුගිය වසර සමග සැසඳීමේදී කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ.
පසුගිය වසරේ මැයි මාසය සමග සැසඳීමේදී මේ මැයි මාසයේ කොළඹ තේ වෙන්දේසියේ අලෙවි වූ තේ කිලෝවක සාමාන්‍ය මිල සියයට 17 කින් රුපියල් 396.55 ක් දක්වා පහළ ගොස් තිබේ. මෙහිදී, කැපී පෙනෙන්නේ සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් වලින් බැලුවද අඩුවී තිබීමයි.
රුසියාව සහ මැදපෙරදිග වැනි තේ මිලදී ගන්නා ප්‍රධාන වෙළඳ පොළවල ඇතිවී තිබෙන අර්බුද තේ මිල ගණන් අඩුවීමට හේතුවී තිබෙන අතර පහත රට, මැද රට සහ උඩරට යන තේ වර්ග තුනේම මිල ගණන් පහළ ගොස් ඇත.
මේ අනුව, උඩරට තේ කිලෝවක සාමාන්‍ය මිල මේ මැයි මාසයේදී රුපියල් 52.53 කින් පහළ ගොස් රුපියල් 364.58 ක් වෙද්දී මැදරට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 65.68 කින් පහළ ගොස් රුපියල් 355.74 ක්වී තිබේ.
වැඩිම මිල අඩුවීම පහත රට තේ වලින් වාර්තා වන අතර පහත රට තේ කිලෝවක සාමාන්‍ය මිල මැයි මාසයේදී රුපියල් 93.93 කින් පහළ ගොස් රුපියල් 422.41 ක්වී ඇත.
Video Story