2019 විදුලි සංදේශ ක්‍රිකට් ශූරතාවයේ කිරුළ දිනූ හච් ශූරයින්

    December, 16, 2019

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) මගින් සංවිධානය කළ, 2019 විදුලි සංදේශ ක්‍රිකට් තරඟාවලිය පසුගියදා කොළඹ 07, එන්. සී. සී ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට හච් සමත් විය.

    විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කණ්ඩායම් අටක් අතරෙහි පැවති තියුණු තරඟාවලියකින් අනතුරුව, හච් ටෙලිකොමියුනිකේෂන් කණ්ඩායම කිරුළ දිනා ගත්තේය.

    විදුලි සංදේශ නියාමන කොමිසමේ, අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම අවස්ථාවට සහභාගි විය.