PUBG සඳහා නිල ජංගම දුරකථන සහකරු බවට vivo පත්වෙයි

    December, 16, 2019

    V17 Pro සමඟ සජීවි ක්‍රීඩා අත්දැකීම ශ්‍රී ලංකාවට

    ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන ක්‍රීඩා තරඟාවලියක්  වන PUBG MOBILE Club Open 2019 (PMCO 2019) සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය සපයමින් vivo ජංගම දුරකථන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පියවරක් තබයි.

    සිය පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් ජංගම දුරකථන ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව නිරතුරුව උනන්දුවක් දක්වන vivo සිය නිෂ්පාදන  සැලසුම් කිරීමේදී  එම ක්ෂේත්‍රය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වයි. ඒ යටතේ සිය පාරිභෝගිකයින් වෙත වඩා සක්‍රිය පහසුවෙන් හැසිරවිය හැකි ක්‍රිඩා අත්දැකීමක් ලබාදීමට vivo අපේක්ෂා කරයි. එමෙන්ම ජංගම දුරකතන ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිරත අනිකුත් සමාගම් සමඟ ද මනා සබඳතාවක් පවත්වා ගනිමින් කටයුතු කරන vivo, PUBG MOBILE (PlayerUnknown's Battlegrounds Mobile)සමඟ  2019 වසරේ මුල සිට සහයෝගයෙන් කටයුතු කරයි. Tencent Games සහ  PUBG Corporation එක්ව ගොඩනඟා ඇති  PUBG MOBILE ජංගම දුරකථන ක්‍රිඩාව මෙ වනවිට ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන ක්‍රීඩාව බවට පත්ව තිබේ.   මේ වනවිට චීනය කොරියාවසහ ජපානය වැනි රටවල් හැරුණු ‍කොට අනිකුත් සෑම රටකම පාහේ මිලියන 200 කට අධික පිරිසක් මෙම PUBG MOBILE ක්‍රීඩාව හා එක්ව සිටිති.

    vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි  කෙවින් ජියෑං මහතා  සඳහන් කළේ ශ්‍රී ලංකාව ද PUBG MOBILE ක්‍රීඩකයින් විශාල පිරිසක් වෙසෙන රටක් බවයි. විශේෂයෙන් පසුගියදා එළිදැක්වූ vivo V17 Pro ස්මාර්ට්ෆෝනය මේ වනවිට එම PUBG MOBILE ක්‍රීඩකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බව හෙතෙම සඳහන් කළේය. සජීවි ලෙස ජංගම දුරකථන ක්‍රීඩාවල නිරතවීම සඳහා වඩාත්ම සුදුසු ස්මාර්ට්ෆෝනය ලෙස V17 Pro  හැඳින්විය හැකි බවත් එහි ඇති තාක්ෂණික විශේෂතා නිසා අඛණ්ඩ හා අසීමිත වින්දනයක් සහිතව ජංගම දුරකථන ක්‍රීඩාවල නිරතවිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය. V17 Pro හි ඇති Ultra Game Mode  නැමති විශේෂාංගය ක්‍රියාත්මක කිරීම මඟින් ක්‍රීඩා කරන අතරතුර කෙටි  පණිවිඩ සහ වෙනත් දැනුම් දීම් ක්‍රියා විරහිත වන බැවින් අඛණ්ඩව ක්‍රීඩාව වෙත අවධානය යොමු කළ හැකි බව  කෙවින් ජියෑං මහතා පෙන්වා දුන්නේය.

    PMCO 2019 හි නිල ප්‍රධාන අනුග්‍රාහකයා වන vivo මෙම තරඟාවලිය සඳහා වන ස්මාර්ට්ෆෝන් සපයා ඇති අතර ක්‍රීඩකයින් තරඟාවලිය තුළ  සිය දක්ෂතා උපරිම මට්ටමින් දැක්වීමට එම ස්මාර්ට්ෆෝන් යොදාගෙන තිබේ. vivo ස්මාර්ට්ෆෝන් වල ඇති තාක්ෂණික සුවිශේෂතා නිසා වඩාත් වේගවත් සහ පරිපූර්ණ ක්‍රීඩා අත්දැකීමක් ලබාගැනීමට මෙම ජාත්‍යන්තර මට්ටමෙ ක්‍රීඩකයින්ට මෙහිදී අවස්ථාව සැලසිණ.