ශ්‍රීලංකන් ගුවන් සේවය කටාර් එයාර්වේස් සමඟ එක්ව නව ගමනාන්ත 18 ක් ගුවන් ගමන් ජාලයට එක් කරයි

    December, 16, 2019

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිය වන්වර්ල්ඩ් හවුල්කරුවකු වන  කටාර් එයාර්වේස් සමඟ ඇති සංකේත හුවමාරු ගිවිසුම පුළුල් කරමින්   යුරෝපය, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ මැදපෙරදිග ඇතුළු තවත් නවතම ගමනාන්ත 18 ක් ගුවන් ගමන් ජාලයට එක් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56 ක ගමනාන්ත 127 ක් දක්වා ව්‍යාප්ත වනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “ ලොව පුරා සිටින අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට නව සංචාරක විකල්ප රැසක් හඳුන්වා දීමට ලැබීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය අතිශය සතුටට පත්වෙනවා.  අපි වසර ගණනාවක් තිස්සේ කටාර් එයාර්වේස් සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනඟා ගෙන තියෙනවා. කටාර් ගුවන් සේවය අපගේ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ගමන් කළ හැකි පළමු පන්තියේ ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වය සහිත ගුවන් සමාගමක් ලෙස අපි සලකනවා. ”

    කටාර් එයාර්වේස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අල් බේකර් මහතා මෙසේ පැවසීය. “2016 සිට ගුවන් සමාගම් දෙකම සංකේත හුවමාරු සහයෝගීතාවයෙන් සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර ගත්තා. ඒ වගේම ගුවන් මගීන්ට බාධාවකින් තොරව අසමසම සේවා සම්බන්ධතා සපයාදුන්නා. කටාර් එයාර්වේස් සහ ශ්‍රීලංකන් ගුවන් සේවය අතර සංකේත හුවමාරු සහයෝගීතාව පුළුල් කිරීම අපගේ සමීප සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ ඉදිරි පියවරක්. ”

    මේ අනුව ශ්‍රීලංකන් ගුවන් මගීන්ට කටාර් ගුවන් සේවය හරහා දෝහා කේන්ද්‍රය කරගනිමින් හෙල්සින්කි (ෆින්ලන්තය), බෙල්ග්‍රේඩ් (සර්බියාව), බුඩාපෙස්ට් (හංගේරියාව), ලාර්නාකා (සයිප්‍රසය), වෝර්සෝ (පෝලන්තය), කැසබ්ලැන්කා (මොරොක්කෝව), ලිස්බන් (පෘතුගාලය), ගොතන්බර්ග් (ස්වීඩනය), බ්‍රසල්ස් (බෙල්ජියම), වැනීසිය (ඉතාලිය), බකු (අසර්බයිජානය), කියෙව් (යුක්රේනය), මියුනිච් (ජර්මනිය), Prague (චෙක් ජනරජය), ඩබ්ලින් (අයර්ලන්තය), මැඩ්රිඩ් සහ මලගා (ස්පේන්) , එක්සත් රාජධානියේ එඩින්බරෝ සහ බර්මින්හැම්, ග්‍රීසියේ ඇතන්ස් සහ තෙසලෝනිකි, තුර්කි නගරයේ අන්කාරා, ඉස්තාන්බුල් (සබීහා ගුවන්තොටුපළ), ඇන්ටාලියා සහ ඉස්මීර්, සාඕ පවුලෝ (බ්‍රසීලය), කැනඩාවේ මොන්ට්‍රියල් සහ එක්සත් ජනපද නගර වන වොෂිංටන් ඩීසී, චිකාගෝ, හූස්ටන්, Dallas-Fort Worth and Boston සහ බොස්ටන් වෙත ගුවන් ගමන් පහසුකම් සලසා ගත හැක. කටාර් එයාර්වේස් විසින් කොළඹ හරහා මාලදිවයිනේ ගැන් දූපතට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සංකේත හුවමාරු ගුවන් මෙහෙයුම් සිදු කරනු ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වානිජ නිලධාරී ජොෂුවා බූස්ටොස් මහතා සඳහන් කලේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන්ට දෝහා හරහා බාධාවකින් තොරව දිගු දුර ගුවන් ගමන් සිදුකිරීමේ අවස්ථාව මෙමගින් උදාවී ඇති බවයි. එසේම කටාර් එයාර්වේස් හි ගුවන් මගීන්ට කොළඹ හරහා ගැන් දූපත වෙත සංචාරය කිරීමටද අවස්ථාව සැලසී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්හ.

    ගුවන් සේවා දෙකෙහිම ගුවන් මගීන්ට වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා 13 ක් හරහා   රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම හිමිවේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 වසරේ දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ  දී අඛණ්ඩව තුන්වන වරටත් දකුණු ආසියාවේ ‘ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය’ ලෙස (‘Leading International Airline’ in South Asia ) සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ශ්‍රීලංකන්  ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා  මැදිරි පංති අතරින්  “ප්‍රමුඛ පෙළේ ගුවන් මගී පන්තිය”  (‘Leading Airline Passenger Class – Business’) ලෙස නොකඩවා තුන්වන වරටත් සම්මානයට  පාත්‍ර විය. ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards 2018 Asia and Australasia ) 2018  වසරේ ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ  ප්‍රමුඛතම ගුවන් සේවය,”සඳහා  වන සම්මාන දිත්වය ද හිමිකර ගැනීමට සමත්විය. තවද ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන්  ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා  මැදිරි පංති අතරින්  “ප්‍රමුඛ පෙළේ ගුවන් මගී පන්තිය”  (‘Leading Airline Passenger Class – Business’) ලෙස නොකඩවා තුන්වන වරටත් සම්මානයට  පාත්‍ර විය. එසේම  ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ  (Airline Passenger Experience Association)  සම්මාන උළෙලේ දී   ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’ )  සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය.

    අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන වර්ගීකරණ සංවිධානයක් වන ස්කයිට්‍රැක්ස් (Skytrax) විසින් සංවිධානය කරනු ලබන 2019 ලෝක ගුවන් සේවා සම්මාන උළෙලේ දී සම්මානලාභී ගුවන් සමාගමක් වන කටාර් එයාර්වේස් ලොව හොඳම ගුවන් සේවය’ ලෙස නම් කරන ලදී. එසේම ‘මැද පෙරදිග හොඳම ගුවන් සේවය’, ‘ලෝකයේ හොඳම ව්‍යාපාරික පන්තිය’ සහ ‘හොඳම ව්‍යාපාරික පන්තියේ ආසනය’ ලෙස නම් කරන ලදී.  කටාර් එයාර්වේස් යනු පස් වතාවක් ගුවන් කර්මාන්තයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ‘Skytrax Airline of the Year’ යන සම්මානයෙන් පිදුම් ලැබූ එකම ගුවන් සේවයයි. කටාර් එයාර්වේස් මේ වන විට ලොව පුරා ගමනාන්ත 160 කට වැඩි සංඛ්‍යාවක් වෙත සිය ගුවන් කේන්ද්‍රස්ථානය වන HIA හරහා ගුවන් යානා 250 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවයි.