December, 16, 2019
ගුවන් මගින් ඉන්දියාවේ චෙන්නායි නුවරට යෑමේ ගාස්තු පවා ඇතුළත් කළ පසු ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයෙන් ලබාගන්නා මිලට වඩා අඩුවෙන් චෙන්නායි නුවර පිහිටි ඇපලෝ ප්රෝටෝන් පිළිකා මධ්‍යස්ථානයෙන් පොසිට්‍රෝන් එමිෂන් ටොමෝග්රෆි (PET) ස්කෑන් පරීක්ෂණ කර ගැනීමේ අවස්ථාව සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL) විසින් ශ්‍රී ලාංකිකයින්ට ලබාදී තිබේ.
මෙම PET ස්කෑන් යන්ත්‍රය ඩිජිටල් වන බැවින් එමගින් ඉතාමත් ඉහළ සංවේදීතාවයෙන් යුක්ත, හොඳ ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඡායාරූප ලබාගත හැකි බවත් වඩාත් නිවැරදිතාවයෙන් යුක්තව රෝග විනිශ්චය කටයුතු මෙමගින් සිදුකළ හැකි බවත් සමාගම පවසයි.
ඩිජිටල් PET-CT ස්කෑන් යන්ත්‍රයක් තිබෙන දකුණු ආසියාවේ පළමු වෛද්‍ය මධ්‍යස්ථානය වන්නේ ඇපලෝ ප්රෝටෝන් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයයි.
ඉන්දියාවේ ඇපලෝ හෝස්පිට්ල්ස් එන්ටර්ප්රයිස් ලිමිටඞ් (AHEL) සමාගමේ වෛද්‍ය පාර්ශවකරුවෙකු ලෙසින් සෙලින්කෝ හෙල්ත්කෙයා සමාගමට එමගින් ලබාදෙන සේවාවන් සඳහා සහන පැකේජ මුදලක් ලබාදිය හැකි අතර චෙන්නායි වෛද්‍ය මධ්‍යස්ථානය තුළ එක් රාත්‍රියක නවාතැන් සමග ඩිජිටල් PET-CT ස්කෑන් පරීක්ෂණ සඳහා ද, දෙදෙනෙකුට ගුවන් ටිකට්පත් ගාස්තු, වීසා ගාස්තු, ගුවන්තොටුපොළේ සිට රෝගියා රැගෙන යාමේ ගාස්තු, සියල්ල අඩංගු පැකේජය ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහලක ඇනලොග් PET ස්කෑන් පරීක්ෂාවක් සඳහා අයකරන මුදලට වඩා 8% කින් පමණ අඩුබව සමාගම සඳහන් කරයි.
PET-CT ස්කෑන් පරීක්ෂාව මගින් පිළිකාවල මට්ටම් පිළිබඳව තොරතුරු ලබාගත හැකි අතර ශල්‍ය කර්ම හෝ කිමෝතෙරපි ප්‍රතිකාර සහ විකිරණ ප්‍රතිකාර කරනවාද යන්න එම පරීක්ෂාව මගින් තීරණය කළ හැකිවේ.
මෙය පිළිකා සොයාගැනීමේ ඉතාමත් දියුණු ක්‍රමයක් වන අතර මෙහිදී විකිරිත සීනි කොටස් රෝගියාගේ ශරීරයට එන්නත් කරනු ලබයි. පිළිකා සෛල සාමාන්‍ය සෛල වලට වඩා වේගයෙන් සීනි දිරවීමට ලක් කරයි. පිළිකා සෛලවලට විකිරිත ඖෂධ (radiopharmaceutical) වැඩි ප්‍රමාණයක් ඇද ගන්නා නිසා එමගින් පිළිකා සෛල හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
lymphoma පිළිකාවල ප්‍රතිකාර ප්‍රතිචාරය නිරීක්ෂණය කිරීම සඳහා PET-CT ස්කෑන් භාවිතා කිරීම වර්ධනය වී තිබෙන අතර එමගින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සාර්ථක කරගැනීම සිදුකළ හැකිය. එසේම, කිමෝතෙරපි ප්‍රතිකාර මගින් ප්‍රතිකාර අවශ්‍යතාවයට අනුව යොමුකළ හැකිබව අධ්‍යනයක් මගින් හෙළිකරගෙන තිබේ.
මීට අමතරව, FDG (fluorodeoxyglucose)-PET ස්කෑන් මගින් මහ බඩවැල හා ගුදමාර්ගය ආශි‍්‍රත පිළිකා, හිසේ, බෙල්ලේ සහ පෙනහළු පිළිකා කල්තියා හඳුනාගැනීම කළ හැකිවේ.
පිළිකා හඳුනාගැනීමට අමතරව මෙම ස්කෑන් පරීක්ෂණ මගින් හෘද, අස්ථි සහ මාංශ පේෂි ගැටලූ හඳුනාගත හැකි අතර ඇතිවී තිබෙන ආසාදන තත්ත්වයන්ද නිරීක්ෂණය කළ හැකිවේ. එසේම, මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ ගැටලූ ද මෙම ස්කෑන් පරීක්ෂා මගින් හඳුනාගැනීමට හැකියාව ඇත.
ඉන්දියාවේ ඇපලෝ හෝස්පිට්ල්ස් එන්ටර්ප්රයිස් ලිමිටඞ් සමග ඇති සබඳතාවය තුළින් ශ්‍රී ලාංකිකයින්ට ප්රෝටෝන් බීම් තෙරපි ප්‍රතිකාර ක්‍රමය ලබාදීමටද සෙලින්කෝ හෙල්ත්කෙයා සමාගම මේ වනවිට පියවර ගෙන තිබේ.
ඇපලෝ ප්රෝටෝන් පිළිකා මධ්‍යස්ථානය චෙන්නායි නුවර පිහිටි ඇඳන් 150 කින් සමන්විත අති නවීන තාක්ෂණයෙන් යුක්ත පිළිකා සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහලකි. මෙය අග්නිදිග ආසියාවේ පළමු ප්රෝටෝන් ප්‍රතිකාර මධ්‍යස්ථානය වේ. මෙමගින් විකිරණ ඔන්කොලොජි සේවාව ඉන්දියාව තුළ පමණක් නොව කළාපයේම විප්ලවීය මාවතකට රැගෙන ඒමට සමත්ව තිබේ.
දැරිය හැකි මිලකට ප්‍රතිකාර ලබාදෙන මෙරට වඩාත්ම පළපුරුදු පුද්ගලික අංශයේ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් විසින් පසුගිය දශකය පුරා ශ්‍රී ලංකාවේ රෝගීන් 5000 කට වැඩි සංඛ්‍යාවකට විකිරණ ප්‍රතිකාර ලබාදී තිබේ. සෙලින්කෝ විකිරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ සෙලින්කෝ ටොමෝතෙරපි මධ්‍යස්ථානය විසින් වසරකට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000 විදේශ විනිමයක් ඉතිරිකර දෙනබව මේ වනවිට ගණනය කර තිබේ. සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානයද සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් සමාගමට අයත් වන අතර එමගින් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර රැකවරණය ලබාදෙයි.