HNB FINANCE කොළඹ දකුණ ශික්ෂණ රෝහල් පරිශ‍්‍රයේ තිරසාර කොම්පෝස්ට් ඒකකයක් ස්ථාපනය කරයි

    December, 16, 2019

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කළුබෝවිල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල් පරිශ‍්‍රය තුළ තිරසාර කොම්පෝස්ට් ඒකකයක් ස්ථාපනය කරන ලදි.

    මුළුමනින්ම පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන මෙම තිරසාර කොම්පෝස්ට් එක්කය මගින් රෝහල තුළ එකතුවන දිරාපත්වන අපද්‍රව්‍ය ප‍්‍රමාණය කළමනාකරණය කර ගැනීමට හැකි වන අතර රෝහල තුළින් බැහැර කරන අපද්‍රව්‍ය ප‍්‍රමාණය විශාල ලෙස අවම කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම පරිසරය දූෂණය අවම කිරීමටත්, දිරාපත්වන අපද්‍රව්‍යන්ගෙන් නිපදවෙන කොම්පෝස්ට් පොහොර මගින් රෝහල් පරිශ‍්‍රයේ සාරවත් පසක් නිර්මාණය කර ගැනීමට ද මෙම ක‍්‍රියාවලිය තුළින් අවකාශ සැලසේ.

    HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.

    මෙම ව්‍යාපෘතිය පිලිබඳව අදහස් දක්වන HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා ‘‘අවිධිමත් කසල කළමනාකාරණය මේ වන විට මුළුමහත් සමාජයම වෙලා ගත් උවදුරක් තරමටම අපගේ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. එමෙන්ම පරිසරය මත ඇති කර තිබෙන බලපෑම ද අති විශාලයි. අවිධිමත්ව බැහැර කරන කසල හේතුවෙන් ගංවතුර අවස්ථාවකදී මතුපිට ජලය දැඩිව දුෂණය වන අතර කුණු කසල හේතුවෙන් ගංවතුර බැසයෑමට ඇති මාර්ග අවහිර වී දැඩි පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලූ ගණනාවකට මුහුණ දීමටද අපට සිදු ව තිබෙනවා. මේ තත්වය රෝහල් පරිශ‍්‍රයටද පොදු වූ කරුනු හෙයින් මෙම තත්වය සාර්ථකව පාලනය කර ගැනීම සඳහා වඩාත් තිරසාර විසඳුමක් ලබාදීම සඳහා අප සමග සාකච්ඡා කර සිටියා. ඊට HNB FINANCE විසින් දැක්වූ ප‍්‍රතිචාරයක් ලෙස මෙම කොම්පෝස්ට් නිෂ්පාදන පද්ධතිය සාථාපනය කිරීමට අපට හැකිවුනා’’ යනුවෙන පැවසීය.

    ආයතනික සමාජ වගකීම් ක්ෂේත‍්‍රයේ විසින් දිනා ඇති කීර්තිනාමය සහ සමාජ පිලිගැනීම නිසාම ජාත්‍යන්තර පිලිගැනීමක් සහිත අන්තර්ජාතික ව්‍යාපාර ස`ගරාවක් වන International Business Magazine මගින් ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් දරන්නාට හිමි සම්මානය හිමිකර ගැනීමට ද පසුගියදා සමත් විය.

    මෙම වසර තුළ ්‍යභඊ ත්‍ෂභ්භක්‍ෑ විසින් සිදු කළ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති අධ්‍යාපන, පාරිසරික, ව්‍යවසායකත්ව සහ සෞඛ්‍ය යන ප‍්‍රධාන ධාරාවන් යටතේ සිදු කෙරිණ. ජාතික සෞඛ්‍ය සහ පෝෂණ වැඩසටහන් සඳහා සහාය දැක්වීම, ග‍්‍රාමීය පාසල් පිළිසකර කිරීම, ජල පෙරණ පද්ධති ස්ථාපනය කරමින් පිරිසිදු පානීය ජලය සඳහා ඇති ප‍්‍රවේශය තහවුරු කිරීම, ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කිරීම, රුක් රෝපණ සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් දියත් කිරීම, අධ්‍යාපන සහ විෂය සමගාමී වැඩමුළු සංවිධානය කිරීම මේ සඳහා නිදසුන් ලෙස පෙන්වා දිය හැක.

    HNB FINANCE සමාගම 2011 අංක 42 දරණ මුල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ මෙරට ශක්තිමත් මූල්‍ය සමාගමක් වන අතර මූල්‍ය ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ HNB FINANCE සමාගම ශාඛා 48ක් සහ සේවා මධ්‍යස්ථාන 21ක් මගින් සියලූම මූල්‍ය සේවා දීපව්‍යාප්තව ලබා දෙයි. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් සවි බල ගන්වමින් ඔවුන් වෙත වෙබ් අඩවිය හරහා මූල්‍ය පහසුකම් සැපයීම තුළින් මෙරට ආර්ථිකය සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් සිටී. ලීසිං, ව්‍යාපාර ණය, ක්ෂුද්‍ර මූල්‍ය ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ළමා ඉතුරුම් , නිවාස ණය, අධ්‍යාපන ණය ඇතුළුව මූල්‍ය සේවා රැසක් HNB FINANCE ආයතනය විසින් පවත්වාගෙන යනු ලබයි.