ක‍්‍රිස්බ්‍රෝ ‘ප‍්‍රජා අරුණ’ වැඩසටහන මගින් තවත් නිවාස 21ක් සඳහා ආධාර

    December, 16, 2019

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, සිය සේවකයින් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරනු ලබන ‘ප‍්‍රජා අරුණ’ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය ඔස්සේ ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ සේවකයින් 21දෙනෙකුගේ නිවාස අලූත්වැඩියා කර ගැනීම සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත. මේ යටතේ ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ දීප ව්‍යාප්ත ව්‍යාපාරික මධ්‍යස්ථානයන් හි සේවය කරන අවශ්‍යතාවන් සහිත සේවකයින් සඳහා මෙම මූල්‍ය දායකත්වය ලබා දී තිබේ.

    ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ පරිපාලන සහ මානව සම්පත් අංශයේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ මොහොමඞ් ඉමිතියාස් මහතාගේ සහ ඉහළ කළමනාකාරීත්වය සහභාගී වූහ. නිවාස ආධාර සඳහා සුදුසුකම් ලැබූ ක‍්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන් සඳහා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් ලබා දුන් අතර මෙය මුළුමනින්ම ක‍්‍රිස්බ්‍රෝ සුභසාධක අරමුදල මගින් පරිත්‍යාග කෙරිණ. මෙහිදී සේවිකාවන් 6 දෙනෙකු සහ සේවකයින් 15 දෙනෙකු මූල්‍යාධාර සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

    ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ මොහොමඞ් ඉමිටියාස් මහතාගේ සංකල්පයකට අනුව 2012 වසරේදී ආරම්භ කෙරුණු ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රජා අරුණ ආයතනික සමාජ වගකීම් වැඩසටහන මුළුමනින්ම ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ සේවක සුභසාධනය වෙනුවෙන් වෙන්වූ ප‍්‍රමුඛතම වැඩසටහනවේ. ආරම්භයේ සිට මේ දක්වා මෙම ව්‍යාපෘතිය යටතේ සේවකයින්ගේ ඉල්ලීම පරිදි නිවාස 34ක් අලූතින් සදා නිම කළ අතර තවත් 100කට අධික සංඛ්‍යාවක් සඳහා නිවාස අලූත් වැඩියා කටයුතු සඳහා මුදල් පරිත්‍යාග සිදු කර ඇත. මේ සියලූ ව්‍යාපෘති සඳහා මේ වන විට ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් රුපියල් මිලියන  35කට අධික මුදලක් වැය කර තිබේ.

    ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රජා අරුණ පිලිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ පරිපාලන සහ මානව සම්පත් ජ්‍යෙෂ්ඨ කළමනාකාර රංජන මහින්දසිරි මහතා ‘‘ ක‍්‍රිස්බ්‍රෝ සමූහය ආයතනික සමාජ වගකීම් සඳහා ඉහළ අවධානයක් යොමු කරන අතර සමූහයේ සේවකයින් මෙන්ම ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් ක‍්‍රියාත්මක වන හරිත සත්කාර, සිසුදිරිය, සුවශක්ති සහ නෙක්ස් චෑම්ප් යන වැඩසටහන් හරහා සමාජයේ උපකාර සහ බලගැන්වීම අවශ්‍ය කෙරෙන සෑම අංශයක් සඳහාම අවධානය යොමු කර තිබෙනවා. මුලූමනින්ම ශ‍්‍රී ලාංකීය සමාගම් සමූහයක් ලෙස අපගේ බැඳීම ශ‍්‍රී ලාංකිකයින් සමග පවතින බැවින් ආර්ථික , සමාජ , සෞඛ්‍ය අධ්‍යාපන සහ ක‍්‍රීඩා යන ක්ෂේත‍්‍රයන්ගෙන් අපගේ ජනතාව සවිබල ගැන්වීම ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ ඒකායන පරමාර්ථයයි. සේවකයින්ගේ ආර්ථික සමාජීය සංවර්ධනය ඔවුන්ගේ ඵලදායීතාව කෙරෙහි සෘජුව බද්ධවී ඇති බැවින් ඔවුන් සවිබලගැන්වීම ප‍්‍රජා අරුණ වැඩසටහනේ ප‍්‍රමුඛතම කාර්යයක් ලෙස පෙන්වා දිය හැකියි. සෑම වසරකදීම අපගේ ව්‍යාපාරික මධ්‍යස්ථාන 18 හි සේවය කරන සේවක සේවිකාවන්ගේ අවශ්‍යතාවට අනුව ක‍්‍රිස්බ්‍රෝ සුබසාධක අරමුදල මගින් මෙම පරිත්‍යාගය සිදු කෙරෙන අතර ඉදිරි වර්ෂයන්වලදී වැඩි පිරිසක් වෙත අවශ්‍යතාව අනුව ආදාර ලබාදීමට ක‍්‍රිස්බ්‍රෝ සමූහය සැලසුම් කර තිබෙනවා.’’ යනුවෙන් පැවසීය.

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට,දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.