ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ප‍්‍රයිම් ලෑන්ඞ්ස් වෙතින් උපදෙසක්

    December, 18, 2019

    සමාජයේ වැඩි දෙනෙක් ඉඩමක් හෝ දේපොළක් මිලදී ගැනීමේදී පදිංචියට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සහ මිල පිළිබඳව පමණක් දැඩි සැලකිල්ලක් දක්වන අතර මේ කරුණු වලට අමතරව පැන නැගෙන වෙනත් හේතුන් ඇතැම් විට පාරිභෝගිකයින් නොසිතන ගැටලූ රැසක ඔවුන් සිර කර තබයි.

    මෙම ගැටලූ අතර සැ`ගවුනු අන්තරායන් වන දේපොළ පිහිටි කලාපයන්ට ආවේණික ගැටලූ ( කර්මාන්ත ශාලා ආදියෙන් මතුවන ), හිමිකරුවන් කිහිපදෙනෙකුට අයත් ඉඩමක් හෝ දේපොළක් වීම, මිලදී ගැනීමේ ගිවිසුම්වල ඇති සංකීර්ණ ස්වභාවය, දුර්වල රක්ෂණ ආවරණය, ඉඩමේ ස්වභාවය අනුව ස්වභාවික ව්‍යසනයන්ට ගොදුරු වීමේ හැකියාව (ගංවතුර ආදිය) , පාංශු ඛාදනය සහ නාය යෑම් යන කරුණු කෙරෙහි අවදානය යොමු කිරීම අතිශය වැදගත් වේ.

    ඉඩමක් හෝ දේපොළක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් අවදානය යොමු කළ යුතු අමතර කරුණු කිහිපයක් පිළිබඳව ප‍්‍රයිම් ලෑන්ඞ්ස් හි දේපොළ වෙළෙඳ අංශයේ සාමාන්‍යාධිකාරී රුමින්ද රන්දෙණිය මහතා මෙලෙස අදහස් දක්වයි.

    ‘‘සමාගමක් ලෙස ප‍්‍රයිම් ලෑන්ඞ්ස් ආයතනය විසින් දේපොළ මිලදී ගැනීමක් සිදු කිරීමේදී සෑම විටම එම මිලදී ගැනීම පාරිභෝගික දෘෂ්ටිකෝණයකින් විශ්ලේෂණය කිරීම අපගේ පිලිවෙතයි. ප‍්‍රතිපත්තියක් ලෙස ප‍්‍රයිම් ලෑන්ඞ්ස් ආයතනය නිතරම ගංවතුරට හසුවන සහ කාර්මික ප‍්‍රදේශයන්හි පිහිටි ඉඩම් මිලදී ගැනීමෙන් වළකින අතර පදංචියට වඩාත් සුදුසු ස්ථාන තෝරා ගැනීම ප‍්‍රයිම් ලෑන්ඞ්ස් ශ‍්‍රී ලංකාවේ විශාලතම දේපොළ වෙළෙඳ සමාගම බවට පත්කරලීමට ප‍්‍රධානතම හේතුවක් වූ බව මගේ අදහසයි. වරක් අපි කුරුණැගල පිහිටි ඉඩමක් සංවර්ධනය කර දේපොළ සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කළ අතර කෙටි කාලයකින් මෙම ඉඩමෙන් කොටසක් මධ්‍යම අධිවේගි මාර්ගයේ ප‍්‍රවේශ මාර්ගයක් සඳහා රජය මගින් අත්පත් කරගැනීමට යෝජනා වුනා. ඒ අවස්ථාව වන විටත් අපි මෙම ඉඩම පදිංචියට සුදුසුලෙස සකස් කර බිම්කොටස් වලින් 70% කට වඩා පාරිභෝගිකයින් වෙත අලෙවි කර තිබුණා. නමුත් ජාතික සංවර්ධන වැඩසටහනක් සඳහා ඉඩම අත්පත් කර ගත් බැවින් ඒ වන විටත් බිම්කොටස් මිලදී ගෙන සිටි පාරිභෝගිකයින්වෙත අපි මුදලත් ඒ කාලයට සමාන පොළියත් ගෙවනු ලැබුණා. සමාගමේ මෙබඳු තීරණ නිසා පාරිභෝගිකයින්ගේ උපරිම විශ්වාසය අප වෙත ලැබී තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

    ඉඩමක් හෝ දේපොළක් මිලදී ගැනීමේදී සංවර්ධකයාගේ ස්ථාවරත්ය සලකා බැලිය යුතු ප‍්‍රධාන අංගයක් බව ඉහත සිදු වීමෙන් පැහැදිලිවෙයි. එමෙන්ම දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රය තුළ විශාල පිබිදීමක් සහ බැංකු පොලී අනුපාතය අඩු වී ඇති මෙබඳු කාලපරිච්ෙඡ්දයක් දේපොළ මිලදී ගැනීමකට සුදුසු බව රුමින්ද රන්දෙණිය මහතා කියා සිටී.

    විශේෂයෙන් නවෝත්පාදනය සහ අනාගත මිල පුරෝකථනය දේපොළ වෙළෙඳාමේ වඩාත් සංවේදී අංගයක් බැවින් මෙම සාධකයන් නිසි පරිදි තුලනය කළ හැකි නම් මෙම ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිලාභ ගැණුම්කරුට හා විකුණුම්කරුට අත් කර ගත හැකිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    ප‍්‍රයිම් ලෑන්ඞ්ස් හි නවෝත්පාදන චින්තනය මගින් මෙම ක්ෂේත‍්‍රයේ මිණුම්ද`ඩු නිර්මාණය කිරීමට සමාගමට හැකිව තිබෙන අතර ප‍්‍රයිම් ලෑන්ඞ්ස් විසින් හඳුන්වාදුන් දැරිය හැකි සුඛෝපභෝගී නිවාස සංකල්පය ඒ සඳහා කදිම නිදසුනක් ලෙස දැක්විය හැක. සෑම වසරකදීම සමාගම මෙවැනි නව්‍ය වූ සංකල්පයන් හඳුන්වාදෙන අතර එමනිසාම මෙම ක්ෂේත‍්‍රයේ දේපොල වෙළෙඳ ක්ෂේත‍්‍රයේ නායකත්වය හිමිකර ගැනීමට සහ ගනුදෙනුකරුවන් 250,000කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය කර ගැනීමට ඉවහල් විය.

    ප‍්‍රයිම් ලෑන්ඞ්ස් ප‍්‍රතිපත්තිය හැම විටම පාරිභෝගිකයාට මුල්තැන දේන ආකාරයට සකස්ව ඇති බැවින් මෙම ක්ෂේත‍්‍රයේ සෙසු සමාගම් අභිබවා ලීමට ප‍්‍රයිම් ලෑන්ඞ්ස් ආයතනයට හැකිව තිබෙන බව රුමින්ද රන්දෙණිය මහතා පවසන අතර තරගකාරීත්වයේ වාසිය ද පාරිභෝගිකයින්ට ලබා දෙයි.

    දැනටමත් ඉඩමක් මිලදී ගෙන ඇති පාරිභෝගියකු සඳහා බැංකුවෙන් ණය මුදලක් අනුමත කර ගත යුතු නම් එම සේවාව ලබා දීමට ද ප‍්‍රයිම් ලෑන්ඞ්ස් කටයුතු කරයි. එසේම පාරිභෝගිකයකු සතු ඉඩමක් විකිණිමේදී ද ඊට සහාය වීමට ද ඔවුන් සූදානම්. එමෙන්ම ඔප්පු සහ හිමිකම් සහතික පිලිබඳව ගැටලූවක් මතුවූවද සමාගමට සම්බන්ධවිය හැකි සීමාවේදී සිදුකළ හැකි උපරිම සහාය ලබා දීමට ප‍්‍රයිම් ලෑන්ඞ්ස් කටයුතු කරන අතර සමස්ත ක‍්‍රියාවලියේ ආරක්ෂිතව බව රැුකීමට සිය උපරිම කැපවීම පාරිභෝගිකයින් වෙත ලබා දෙන බව රුමින්ද රන්දෙණිය මහතා වැඩිදුරටත් පවසයි.

    ඔහු සඳහන් කරන ආකාරයට ඉඩම් මිලදී ගන්නා පාරිභෝගිකයින් කාණ්ඩ තුනකට වර්ග කල හැක. නිවසක් ඉදිකිරීමේ අරමුණෙන් ඉඩමක් මිලදී ගන්නා පාරිභෝගිකයින්, අනාගත ආයෝජනයන් සඳහා ඉඩම් මිලදී ගන්නන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉඩම් මිලදී ගන්නන් ඒ කාණ්ඩ තුනයි. මේ සියලූ කණ්ඩායම් සඳහා සුදුසු ආයෝජනය පිළිබඳව ප‍්‍රයිම් ලෑන්ඞ්ස් පාරිභෝගිකයින් දැනුවත් කරන අතර ගනුදෙනුවෙන් අනතුරුවද ආයතනික සීමාවන් තුළ ඔවුන් වෙත ලබා දිය හැකි උපරිම සේවාව ලබා දීමට ද ප‍්‍රයිම් ලෑන්ඞ්ස් කටයුතු කරන බව රුමින්ද රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

    පාරිභෝගිකයකු ඉඩමක් මිලදී ගැනීමේදී හිමිකම් ලේඛණයන් දැඩිව ඒ සඳහා සුදුසුකම් ලද අයකු ලවා පරික්ෂා කර ගත යුතුවේ. ප‍්‍රයිම් ලෑන්ඞ්ස් වෙතින් ඉඩමක් මිලදී ගැනීමේදී ඉඩමෙහි හිමිකම් පිළිබඳව වඩාත් විනිවිද බවකින් යුක්තව කටයුතු කරන අතර සමාගමේ සංවර්ධන සහ විකුණුම් අංශයන් මේ පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන බැවින් පාරිභෝගික විශ්වාසය වසර 25ක් පුරාම එලෙසම රැුක ගැනීමට ප‍්‍රයිම් ලෑන්ඞ්ස් සමාගමට හැකිව තිබේ.

    ප‍්‍රයිම් විසින් අලෙවි කරන සියලූ ඉඩම්වලට අදාළව සෙසු පහසුකම් වන පුළුල් මාර්ග කාපට් අතුරා සංවර්ධනය කෙරෙන අතර විදුලිය, ජලය, කසල කළමනාකාරණය, වැනි මූලික යටිතල පහසුකම් ප‍්‍රශස්ත ලෙස සංවර්ධනය කෙරේ. එමෙන්ම බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි සහ ගොඩනැගිලි ආකෘතිය අදාළ පළාත්පාලන ආයතනයෙන් අනුමත කර ගැනීම සඳහා ද ප‍්‍රයිම් ලෑන්ඞ්ස් සිය සහාය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ප‍්‍රයිම් ලෑන්ඞ්ස් පුද්ගලික සමාගම මීට වසර 25 කට පෙර ආරම්භ කරන ලද අතර ”මිහිකතෙන් හොඳම තැනක්” යන තේමා පාඨය අනුව ක‍්‍රියාත්මක වෙමින් අද වන විට දේපල සංවර්ධන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට සමත්ව තිබේ,ශ‍්‍රී ලංකාවේ සම්මානනීය සමාගමක් වන ප‍්‍රයිම් ලෑන්ඞ්ස් පසුගිය වසරේ ”ප්‍රොපර්ටි ගුරු” ආසියානු දේපල ව්‍යාපාර සම්මාන උළෙලේදීිඊැිඑ ෘැඩැකදචැර’ යන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. එසේම ශ‍්‍රී ලංකාවේ සේවය කළ හැකි හොඳම සමාගම් 25 අතරට අඛණ්ඩව 5 වතාවක් තේරී පත්වීමට ප‍්‍රයිම් ලෑන්ඞ්ස් සමත් වූ අතර ඛඵෘ ව්‍යාපාරික සඟරාව මගින් වඩාත් ගෞරවනීය සමාගම් ලැයිස්තුවට 2016 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව තෙවතාවක් ඇතුලත් කර ඇත.