හරිත ගොඩනැගිලි සම්මාන උළලේදී බේරේ වැව ඉස්මත්තේ ඇති කැපිටොල් ටුවින් පීක්ස් හරිත සම්මානයෙන් පිදුම් ලැබූ වගයි

    December, 18, 2019

    දිනෙන් දින දියුණු වන, ඉහළ මට්ටමේ ආයෝජන කේන්ද්රස්ථානයක් වන කොළඹ 02 බේරේ වැවට යාබදව පිහිටා ඇති සන්කෙන් සමූහ ව්යාපාරයේ ප්රමුඛතම මහල් නිවාස ව්යාපාරය වන කැපිටොල් ටුවින් පීක්ස්, ශ්රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය විසින් 2019 දෙසැම්බර් 14 වන දින මහනුවර අර්ල්ස් රීජන්සි හිදී හරිත සහතිකය ප්රදානය කරන ලදී.

    දකුණු ආසියාවේ උසම අහස් පාලම මඟින් එකිනෙක යා කර ඇති මෙම මහල් 50 බැඟින් වූ අහස උසට දිවෙන ද්විත්ව ගොඩනැගිලි ව්යාපෘතියේ විවිධ මහල් නිවාස ඒකක 438 ක් ඇත.

    සන්කෙන් කන්ස්ට්රක්ෂන් පුද්ගලික සමාගමේ අධීක්ශණය යටතේ මෙම ව්යාපෘතිය දැඩි හරිත ඉදිකිරීම් මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

    කොළඹ ඉදිකිරීම් හා ගොඩනැගීම් වලින් වායුගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්රමාණය පිළිබඳ 2018 දී ලුඕ කුමානායක විසින් කරන ලද අධ්යයනයන්ට සාපේක්ෂව මහල් නිවාස ව්යාපෘතිය මඟින් වායුගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්රමාණය 18% දක්වා අඩු කිරීමට අපේක්ෂා කෙරේ.

    වාර්ෂික සම්මාන ප්රදානෝත්සවයට වෙළද ව්යාපාරික නායකයින් ද, විවිධ ක්ෂේත්ර වල සම්මානලාභීන් සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ මතධාරී නායකයින්ද සහභාගී වූ අතර, මෙම සම්මාන උළෙල දී හරිත ගොඩනැගීම් හා ඉදිකිරීම් කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීම ද ඒ සඳහා පෙළඹ වීමක් මෙන්ම අගය කිරීමක්ද සිදු කරනු ලබයි. එවැනි දිරි ගැන්වීම් තුළින් අපගේ පරිසරික, ආර්ථීක සමෘද්ධියක් හා සමාජීය සංවර්ධනයක් ඇති කරනු ලබයි.

    කැපිටොල් ටුවින් පීක්ස් ව්යාපෘතියේ ව්යාපෘති අධ්යක්ෂ, සන්කෙන් කන්ස්ට්රක්ෂන් පුද්ගලික සමාගම - ඩී. එල්. අමරසිංහ මහතා මෑතකදී ලැබූ ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් ප්රකාශ සිටියේ, මෙම සම්මානය ලැබීම ගෞරවයක් වන අතර එමඟින් තව තවත් පරිසර හිතකාමී මහල් නිවාස ඉදිකිරීම් සඳහා මග පෑදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

    අහස උසට දිවෙන, ලොව නවීනම පහසුකම් වලින් අනූන සහ ඉහලම ගෘහ නිර්මාණයෙන්ද සපිරි කැපිටොල් ටුවින් පීක්ස් යනු ආයෝජන වටිනාකම වැඩි කරන තිරසාර ගොඩනැගීමකට කදිම නිදසුනකි.සත්ය වශයෙන්ම අධ්යයනවලින් හෙළි වී ඇත්තේ ගොඩනැගිල්ලකට හරිත වටිනාකමක් එක් වූ විට එහි වටිනාකම සියයට 3-5% කින් වැඩි වන බවයි. මෙය බොහෝ දුරට වර්තමාන වෙළඳපල වාතාවරණය සඳහා දායකත්වයක් ලබා දේ.

    ලෝක හරිත ගොඩනැගිලි සංසදයේ සාමාජිකයෙක් ලෙස හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) හරිත සංකල්ප ගොඩනැඟීමේ පිළිවෙත් ක්රියාත්මක කිරීම අතින් ශ්රී ලංකාවේ ප්රමුඛතම අධිකාරිය ලෙස නම් දරයි. GBCSL යනු ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, ව්යුහාත්මක ඉංජිනේරුවන්, නගර සැලසුම්කරුවන්, මිනින්දෝරුවන්, විශ්ව විද්යාල විද්වතුන්, ඉදිකිරීම් කර්මාන්ත නායකයින්, පරිසරවේදීන් සහ ව්යාපාරික නායකයින් යන වෘත්තීය ආයතනවල ඒකාබද්ධ උත්සාහයක ප්රථිඵලයක් ලෙස 2009 දී පොදු එකඟතාවයෙන් සියළු පාර්ශව නියෝජනය වන පරිදි පත්කරගත් ලාභ නොලබන සමාගමකි.

    කැපිටොල් ටුවින් පීක්ස් විසින් අනුගමනය කල පරිසර හිතකාමී නිවාස හෝ පාරිසරික වශයෙන් අවම බලපෑමක් ඇති හරිත නිවාස ඉදිකිරිමේ සංකල්පය දෛනික වියදම් අඩු කරනවා මෙන්ම කරනු ලබන ආයෝජනයට ඉහළම ප්රථිලාභයක් ලබා දෙමින් වායුගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් (CO2)ප්රමාණය පාලනය කිරීමත් ද සිදු කරයි. සංවර්ධිත රටවල කාබන්ඩයොක්සයිඩ් (CO2) විමෝචනයෙන් 40%ක් මහල් නිවාස සංකීර්ණ මඟින් සිදුවන බව පාරිසරික බලශක්ති අධ්යයන ආයතනයේ 2018 සංඛ්යාලේඛණ දත්ත වලට අනුව සනාථ වී ඇත. ගොඩනැගිලි වල බලශක්තිය සඳහා ඉල්ලුම විශාල ලෙස ඉහළ යනවාත් සමඟම ගොඩනැගිලි මනා ලෙස සැලසුම් කර ඉදි කල විට බලශක්ති පාරිභෝජනය සැලකිය යුතු අගයකින් අඩු කර ගැනීමෙන් ශ්රී ලංකාවේ COP21 දේශගුණික විපර්යාස සහ තිරසාර අරමුණු සඳහා දායක වීමද සිදු වේ.