June, 11, 2015
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක ස්වයං රැකියා ණය යෝජනා ක්රමයේ දෙවන අදියර යටතේ ණය ලබාගැනීමට මේ වනවිට අයදුම්පත් 5750 ක් පමණ ඉදිරිපත්වී ඇතැයි රජය කියයි.
මේ අනුව, මෙම ණය යෝජනා ක්රමයේ දෙවන අදියර අවශ්‍ය සංශෝධන සහිතව ලංකා බැංකුව, මහජන බැංකුව, ලංකා පුත්‍ර බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව තුළින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2012 වසරේදී ආරම්භ කළ මෙම ණය යෝජනා ක්‍රමය යටතේ පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා රුපියල් මිලියන 302 ක ණය ලබාදී ඇතැයි රජය සඳහන් කරයි.
මෙම ණය යෝජනා ක්‍රමය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිට පුනරුත්ථාපනය ලැබූ තරුණ තරුණියන්ට යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ලබාදීමට ඉවහල් වී ඇතැයි රජය වැඩිදුරටත් කියයි.
Video Story