June, 12, 2015
රජය විසින් ඉදිරියේදී ජාත්‍යන්තර බැංකු වලින් ඩොලර් බිලියනයක් දක්වා ඒකාබද්ධ ණය මුදලක් (syndicated loan) ලබාගැනීමට අදහස් කර තිබෙන බවත් මේ සඳහා යෝජනා තවත් නොබෝ දිනකින්ම කැඳවීමට නියමිත බවත් මුදල් අමාත්‍යවරයා කියයි.
මුදල් අමාත්‍ය, රවී කරුණානායක මහතා විදේශ මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග කොළඹදී මේ බව සඳහන් කර ඇත.
මෙම ණය මුදලේ පොලී අනුපාතය සියයට 3.25 ත් 3.75 ත් අතර අගයක් වනු ඇතැයි සඳහන්ය.
මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ලංකාවට ණය ලබාදීම සඳහා ජාත්‍යන්තර බැංකු කැමැත්තකින් සිටින බවත් අවශ්‍ය නම් ඩොලර් බිලියන 2.0 ක් දක්වා ණය ලබාගැනීමට වුවත් හැකියාව තිබෙන බවත් ජාත්‍යන්තර පොලී අනුපාත ඉහළ යාමට පෙර ණය ලබාගැනීම රජයේ අපේක්ෂාව බවයි.
රජය පසුගිය මාසයේදී ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් (sovereign bond) කරමින් ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබා ගත්තේය.
Video Story