June, 13, 2015
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකරමින් තිබෙන නෙළුම් කුළුණේ අධිවේගී විදුලි සෝපාන සහ ගමන් කරන තරප්පු සැපයීම (high speed elevators and escalators) සහ සවි කිරීම සඳහා පසුගිය රජය විසින් ටෙන්ඩර් ලබාදුන් ජපානයේ ෆුජිටෙක් කෝපරේෂන් (Fujitec Corporation) සහ ලංකාවේ මයික්‍රෝ හෝල්ඩින්ග්ස් සමාගම විසින් පිහිටවූ ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය අනුමත ඒකාබද්ධ සමාගම වන Fujitec Lanka (Pvt) Ltd වෙතින් එම ටෙන්ඩරය වෙනත් සමාගමක් වෙත පැවරීමට සූදානම් වන බවත් එය වලක්වන ලෙස මැදිහත් වන ලෙසත් ඉල්ලමින් මයික්‍රෝ කන්ස්ට්‍රක්ෂන්ස් (Micro Constructions) සමාගම අධිකරණයට ගොස් තිබේ.
මේ අනුව, කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා මෙම ටෙන්ඩරය අහෝසි කිරීම වලක්වමින් වාරණ නියෝගයක් (enjoining order) ලබාදී ඇත.
මෙහිදී, වගඋත්තර කරුවන් ලෙස දක්වා තිබෙන්නේ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වන චීනයේ CNEIEC සමාගම සහ විදුලි සංදේශ නියාමන කොමිසමයි.
කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඉදිකරමින් තිබෙන නෙළුම් කුළුණ මීටර් 350 ක උසකින් යුක්තව ගොඩනැගීමට සැලසුම් කර තිබේ.
Video Story