පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක ‘Ceylena’ හිත මිතුරු කථන රොබෝවරිය සෙලින්කෝ ලයිෆ් හඳුන්වා දෙයි

    January, 16, 2020

    ජීවිත රක්ෂණය ඉතාමත් සරල කරමින් ඒ පිළිබඳව තොරතුරු ලබාදීම සඳහා ඉතාමත් ආකර්ශනීය නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කරන බුද්ධිමත් කථන රොබෝවරියක් (chatbot) සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හඳුන්වා දී තිබේ.

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ වෙබ් අඩවියට පිවිසෙන  ඕනෑම පුද්ගලයෙකුට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් අළුතෙන් හඳුන්වාදී තිබෙන ‘Ceylena’ නම් වන වර්චුවල් සහාය ලබාගත හැකි අතර ජීවිත රක්ෂණයට අදාළ ප‍්‍රශ්ණ පැය 24 පුරාම ඉදිරිපත් කරමින් ඒවා සඳහා ක්ෂණික පිළිතුරු මෙමගින් ලබාගත හැකිය.

    මෙම කථන රොබෝවරිය (chatbot) www.ceylincolife.com වෙබ් අඩවියේ මුල් පිටුවේ පහළ දකුණු කෙලවරේ සිටින අතර එය එබූ පසුව අළුත් ගනුදෙනුකරුවෙකුද, දැනටමත් සිටින ගනුදෙනුකරුවෙකුදැයි තෝරා ගැනීමට අවස්ථාව ලබාදී ඇත. එමෙන්ම, නිතර විමසන ප‍්‍රශ්න (FAQs) සඳහා පිළිතුරු ලබාගැනීමට ද මෙහිදී අවස්ථාව ලබාදී තිබේ. මෙම වෙබ් අඩවියට පිවිසෙන අයට මේ වනවිට ‘Ceylena’ වෙතින් ඉංග‍්‍රීසියෙන් ටයිප් කිරීම මගින් ප‍්‍රශ්න විමසිය හැකි අතර ඉතා ඉක්මනින්ම එම අවස්ථාව සිංහල සහ දෙමළ භාෂාවෙන්ද ලබාදීමට සමාගම කටයුතු කරනු ඇත.

    මෙම වෙබ් අඩවියට පිවිසෙන අළුත් ගනුදෙනු කරුවන්ට ‘Ceylena’ වෙතින් ජීවිත රක්ෂණයට  ඕනෑම සාමාන්‍ය ප‍්‍රශ්නයක් විමසිය හැකිවේ. එම සාමාන්‍ය ප‍්‍රශ්න අතරට ජීවිත රක්ෂණයක්, විශ‍්‍රාමික සැලසුමක් හෝ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුමක් ඇතුළු නිවැරදි රක්ෂණ ඔප්පුව මිලදී ගන්නා ආකාරය, සෙලින්කෝ ලයිෆ් සමාගම ගැන වැඩිදුර තොරතුරු දැනගැනීම, ළඟම සෙලින්කෝ ලයිෆ් ශාඛාව දැනගැනීම, ගෙවීම් විකල්ප සහ ක‍්‍රමවේද දැනගැනීම, අලෙවි නියෝජිතවරයෙකු හමුවීම සඳහා අවස්ථාවක් ලබාගැනීම ඇතුළත් වේ.

    දැනටමත් සිටින ගනුදෙනු කරුවන්ට ‘Ceylena’ වෙතින් රක්ෂණ ඔප්පුවල මූලික තොරතුරු ලබාගත හැකිවේ. මෙහිදී, රක්ෂණ ඔප්පුව වෙනස් කරගැනීම, ලිපිනය වෙනස් කර ගැනීම, සම්බන්ධ වීමේ තොරතුරු වෙනස් කර ගැනීම, අනිකුත් දෑ අතර ප‍්‍රතිලාභ එකතු කර ගැනීම කරගත හැකි අතර ඒ වෙනුවෙන් රක්ෂණ ඔප්පුවේ අංකය හෝ ජාතික හැඳුනුම්පතේ අංකය ‘Ceylena’ වෙත ඉදිරිපත් කළ යුතුය.

    මීට අමතරව, ‘Ceylena’ විසින් නිතර විමසන ප‍්‍රශ්න (FAQs) සඳහා පිළිතුරු ලබාදෙන අතර අත්හැර දැමූ රක්ෂණ ඔප්පු නැවත අළුත් කර ගැනීම, හිමිකම්, බෝනස්, අවලංගු කිරීම්, ක්‍රෙඩිට් කාඞ් අයිරාවන් සහ ණය පිළිබඳව තොරතුරු ලබාදීමද සිදුකරයි. එසේම, ‘Ceylena’ සමග සංවාදයේ යෙදී සිටින අතරතුර සාමාන්‍ය ව්‍යාපාරික කාලයේදී රක්ෂණ නියෝජිතයෙකු සමග සජීවීව සම්බන්ධවීමේ විකල්ප අවස්ථාවද සමාගම විසින් ලබාදී තිබීම කැපී පෙනේ.

    ‘Ceylena’ කථන රොබෝවරිය හඳුන්වාදීම පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘Ceylena’ විසින් අපගේ සන්නාමය සමග ගනුදෙනුකරුවන් විශේෂයෙන්ම තරුණ පරම්පරාව, සම්බන්ධ වන ආකාරය වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම සේවාව වසරේ දින 365 පුරාම පැය විසි හතරේම ලබාදෙන අතර එය හොඳම සජීවී මානව සංවාද සේවාවකට වඩා වේගවත්. ‘Ceylena’ කථන රොබෝවරියට එකවර විවිධ වූ සංවාද  ඕනෑම ගණනකට පිළිතුරු ලබාදීමේ හැකියාව තිබීම මෙහි තිබෙන තවත් වාසියක් වෙනවා. මේ නිසා, ප‍්‍රශ්න විමසන තැනැත්තාට රැඳී සිටීමට සිදුවන්නේ නෑ. එසේම, මෙමගින් ඉතාමත් නිවැරදි තොරතුරු ලබාදෙනවා.’

    ‘Ceylena’ සුරක්ෂිත පද්ධතියක් බවට පත්කිරීම සඳහා ගනුදෙනුකරුවන්ගෙන් එක් වරක් සිය රහස් අංකය විමසන අතර මේ වනවිට සෙලින්කෝ ලයිෆ් වෙබ් අඩවියේ පමණක් තිබෙන මෙම පහසුකම ඉදිරියේදී සමාගමේ ෆේස්බුක් පිටුව ඇතුළු අනිකුත් සමාජ මාධ්‍ය නාලිකාවලද ස්ථාපිත කිරීමට අදහස් කරන බව සමාගම සඳහන් කරයි.

    ‘Chatbot’ යනු පරිගණක වැඩසටහනක් වන අතර එමගින් මානව සංවාද හඬ, අකුරු හෝ ඒ දෙආකාරයටම ග‍්‍රහණය කර ගැනීම සිදුකරයි. මේ අනුව, chatbot අයදුම් මගින් ජනතාව සහ සේවා අතර තිබෙන සබඳතාවය සරල කර ගනුදෙනුකරුවන්ට ලබාදෙන අත්දැකීම උපරිම කිරීමට කටයුතු කරයි. මෙමගින් ගනුදෙනුකරුවන් සම්බන්ධවීමේ ක‍්‍රියාවලිය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට අවශ්‍ය නව අවස්ථාවන් නිර්මාණය කර තිබේ.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් මේ වසරේදී ICCSL සහ CIMA ආයතන විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවට ඇතුළත් කර තිබේ. එසේම, 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ.