ශ්‍රී ලංකන් ගුවන් යානයක් වායු අවපාතයකට ලක්වේ

    June, 18, 2015

    ප්‍රංශයේ පැරිස් නුවර සිට කොළඹ බලා පැමිණිමේදී වායු අවපාතයකට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් නිරුපද්‍රිතව ගොඩබස්වා තිබේ.

    මගීන් 193 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති අතර කිසිදු මගියෙකුට අනතුරුක් සිදුවී නොමැති බව සඳහන්ය.

    කෙසේවෙතත් එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු වෛද්‍ය පරික්ෂණයක් සඳහා මේ වනවිටත් යොමු කර ඇතිබව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    එම ගුවන්යානයේ නියමුවාගේ ඇති පළපුරුද්ද සහ වෘත්තීමයභාවය හේතුවෙන් වායු අවපාතයකට ලක්වූ ශ්‍රී ලංකන් ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබස්සවා ඇති බව වාර්තාවෙයි.