වැලි කර්මාන්ත ශාලාවකට ටෝකියෝ සිමෙන්ති පිඹුරු පත් අඳී

    June, 19, 2015

    වැලි, කොන්ක්‍රීට් සඳහා එකතූන් සහ එවැනි තවත් නිෂ්පාදන සිදුකිරීම සඳහා Tokyo Cement Company (Lanka) Limited PLC සමාගම රුපියල් මිලියන 220 ක ආයෝජනයකින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා Tokyo Super Aggregate Limited යනුවෙන් අනුබද්ධ සමාගමක් ආරම්භ කිරීමට සූදානම් වේ.

    මේ වනවිට, ඉදිකිරීම් කර්මාන්තය සඳහා ස්වභාවික වැලි සපයා ගැනීම ගැටලුවක්ව ඇත.

    මෙයට විසඳුමක් ලෙස Tokyo Super Aggregate Limited සමාගම විසින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ වැලි නිෂ්පාදනයට සැලසුම් කර තිබේ.