June, 23, 2015
තමා විශ්රාම නොගන්නා බවත් ඉදිරියේදී ජනතාවට සේවය කිරීමට සූදානම් බවත් ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ රාත්රියේ ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වූ 360 දේශපාලන සංවාදයේදී සඳහන් කළේය.
ඉදිරියේදී කොළඹ නගරයේ “අජිත් දිනවමු“ යනුවෙන් පෝස්ටර් ඇලවේවිදැයි නැගුණු පැනයට පිළිතුරු දුන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ පෝස්ටර් ඇලවීමකින් තොරව වුවත් ඉදිරියේදී දේශපාලනය කළ හැකි බවයි.
ශ්රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වීමට පෙර අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශපාලනඥයෙකු ලෙස කටයුතු කළේය.
ඉන්දියාවේ හිටපු අග්රාමාත්ය මන් මෝහන් සිං මහතාද එරට මහ බැංකුවේ අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි.
Video Story