රුපියලේ අනාගතය ගැන මුදල් ඇමති කියයි

    June, 23, 2015

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉදිරි සති දෙක තුළදී රුපියල් 130 ක් දක්වා ශක්තිමත් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.

    ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ ඇමරිකානු ඩොලරයක් සඳහා මේ වනවිට රුපියල් 133.90 ක් හුවමාරු වන බවත් නව රජය බලය පත්වන විට එය රුපියල් 133.20 ක මට්ටමක තිබූ බවයි.

    මේ වනවිට, ඇති තරම් ඩොලර් රට තුළට පැමිණෙමින් තිබෙන බවත් ආයෝජන පැමිණීම ආරම්භ වී තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.