දකුණු සහ නුවර අධිවේගී මාර්ග වලට රජය අවසන් මොහොතේ අත තියයි

    June, 24, 2015

    දැනට කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා දිවෙන දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ජූලි 04 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරම්භ කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේය.

    ඔහු අද කොළඹදී පැවසුවේ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක කොටසේ වැඩද ලබන සතියේ ආරම්භ කරන බවත් යෝජිත මහනුවර-කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ලංසු කැඳවීමද (Expression of interest) තවත් සති දෙකකින් සිදුකරන බවයි.

    දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරන්නේ ළඟදීම පාර්ලිමේන්තුව විසුරවනු ඇති බවයි.