July, 2, 2015
නවතම දත්ත මගින් අනාවරණය වන්නේ 2015 පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවයි.
මෙම අලාභයත් සමග ගුවන් සමාගමේ සමස්ත අලාභය රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වසරේ මුල් මාස හතර තුළදී ගුවන් සමාගමේ ආදායම රුපියල් බිලියන 39.6 ක්වී තිබෙන අතර සමස්ත වියදම රුපියල් බිලියන 44.9 ක්වී තිබේ.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමට එමිරේට්ස් ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ටිම් ක්ලාර්ක් මහතාව මෙරට සිවිල් ගුවන් සේවා අංශයේ උසස් නිළධාරීන් පිරිසක් පසුගියදා ඩුබායිහිදී මුණගැසී සාකච්ඡා කළබව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග උපුටා දක්වමින් අප විසින් වාර්තා කළේය.
මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණේ මෙරට ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කිරීමට ගුවන් සේවා අංශය පිළිබඳ හසල දැනුමක් ඇති ටිම් ක්ලාර්ක් මහතාගේ උපදෙස් ලබාගැනීමයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම විසින් කළමනාකරණය කළ අවදියේදී 2008 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ටිම් ක්ලාර්ක් මහතායි.
Video Story