July, 3, 2015
ශ්‍රී ලංකා මහ බැංකුවට සහ එහි අධිපතිවරයාට චෝදනා එල්ල වූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් නිකුත් කර තිබෙන පිටු 447 කින් යුතු සවිස්තර වාර්තාව අධ්‍යනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වගකීමක් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අවධාරණය කළේය.
අද කොළඹදී ඔහු පැවසුවේ මෙම වාර්තාව සකස් කිරීමට මාසයක පමණ කාලයක් ගතවූ බවත් මෙම ගනුදෙනුවට අදාළ සියළු තොරතුරු මෙහි ඇතුළත් වන නිසා ඉදිරි පාර්ලිමේන්තුව මෙම වාර්තාවට අනුව ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
“විධායකය භාරව සිටින ජනාධිපතිවරයාට අයිතියක් තියනවා, වගකීමක් තියනවා, එතුමට බලයක් තිබෙනවා නම් වාර්තාවක් ගෙනල්ල බලන්න. පරමාධිපත්‍ය තිබෙන්නෙ දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අත පමණයි. එහෙම බලයක් තිබෙනවා නම් කාගෙන්වත් අහන්න දෙයක් නෑ. මේ වාර්තාව ගෙනත් බැලුවහම නිගමනයට බහින්න පුළුවන්.“
යනුවෙන් ඩිව් ගුණසේකර මහතා මෙහිදී සඳහන් කළේය.
අනපේක්ෂිත ලෙස හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවීම නිසා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අහිමිවී ගිය බවත් තවත් සුමානයක් පමණ තිබුණා නම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණු බවත් ගුණසේකර මහතා කීය.
මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ ත්‍රි පුද්ගල කමිටුව විසින් මාස තුනක් ගතකර නිකුත් කර තිබුණේ පිටු තුනක වාර්තාවක් බවද හෙතෙම පැවසීය.
බැඳුම්කර නැතිව ණය ගැනීමට හොඳ විකල්ප තිබුණා
බැඳුම්කර නිකුත් කිරීමට අමතරව ණය ලබාගැනීමට විකල්ප ක්‍රම තිබුණු බවත් ඒවා භාවිතා කළා නම් මෙයට වඩා අඩු පොලියට රජයට ණය ලබා ගැනීමට තිබුණු බවත් ගුණසේකර මහතා අවධාරණය කළේය.
Video Story