දකුණු අධිවේගියේ අළුත්ම පිම්ම ඇරඹෙයි

    July, 4, 2015

    දකුණු අධිවේගී මාර්ගය මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද උදෑසන නිළ වශයෙන් ආරම්භ කළේය.

    කිලෝ මීටර් 75 ක දිගකින් යුතු මෙම කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 45 ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර මේ සඳහා ණය ලබාගන්නේ චීනයෙනි.

    මෙම කොටස, බෙලිඅත්ත, අන්දරවැව සහ මත්තල හරහා හම්බන්තොට වරාය දක්වා ඉදිකිරීමට නියමිතය. s01