July, 6, 2015
පසුගිය ජුනි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2014 වසරේ ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා සියයට 12 කින් වර්ධනය වී සංචාරකයින් 115,467 ක් පැමිණ ඇත.
මෙහිදී, චීනයෙන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වේ.
මීට අමතරව, මේ වසරේ ජුනි දක්වා මාස 06 ක කාලය තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 14.1 කින් වර්ධනය වී සංචාරකයින් 830,051 ක් පැමිණ ඇත.
පසුගිය ජුනි මාසයේදී ඉන්දියාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 19.5 කින් වර්ධනය වී සංචාරකයින් 36,972 ක් පැමිණ තිබෙන අතර නැගෙනහිර ආසියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 19 කින් 26,217 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ චීනයෙන් සහ හොංකොං වලින් පැමිණි සංචාරකයින් ප්‍රමාණය වැඩි වශයෙන් වර්ධනය වෙමිනි.
සාම්ප්‍රදායික බටහිර යුරෝපීය රටවලින් ජුනි දක්වා මාස 06 ක කාලය තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 256, 567 ක්වී තිබෙන අතර එය සියයට 15 ක වර්ධනයකි.
Video Story