July, 6, 2015
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සියලු ගනුදෙනු කටයුතු හා CDS ක්‍රියාකාරකම් සහිතව ආපදා ප්‍රතිසාධන සැලැස්මක් ඉතාම සාර්ථකව පසුගියදා අත්හදා බලා තිබේ.
ගනුදෙනු කටයුතු හා පසු ගනුදෙනු කටයුතු ආදී සියල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ පරිශ්‍රයෙන් බාහිර ස්ථානයකදී සාර්ථක ලෙස ක්‍රියාකරවීම සිදුවිය. මෙහි සාර්ථකත්වය තුළින් කියාපානුයේ ඕනෑම අවදානම් සහගත අවස්ථාවකදී ව්‍යාපාරික අඛණ්ඩතාව පිළිබඳ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සතුව පවතින ශක්‍යතාව බව කොටස් වෙළඳ පොළ සඳහන් කරයි.
මෙම ක්‍රියාවලිය සඳහා කොටස් තැරැව්කරුවන්, තොරතුරු ලබාගන්නන්, පද්ධති සැපයුම් කරුවන්, වෙබ් අඩවි සේවා සපයන්නන්, භාරකාර බැංකු හා අනෙකුත් ප්‍රධාන සියලුම සහභාගී කරුවන් දායකත්වය සපයනු ලැබීය. උදෑසන 6.30 සිට මෙම සැලැස්ම ක්‍රියාත්මක වීම ආරම්භ වූ අතර සියලුම ප්‍රධාන අංශයන්හි මූලික කාර්යයන් ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයක් (Disaster Recovery Site) සිට සිදුකරනු ලැබීය. වෙළෙඳපොළ සාමාන්‍ය ගනුදෙනු කටයුතු පමණක් නොව වෙළෙඳපොළ ප්‍රවීක්ෂණය, වෙළෙඳපොළ නිවේදන ප්‍රකාශයට පත්කිරීම, CDS මෙහෙයුම් හා දිනය අවසානයේදී දත්ත සකස්කිරීම හා වාර්තා පිළියෙළ කිරීමද මෙහි කැපී පෙනෙන කාර්යයන් විය. මෙකී සම්පූර්ණ ක්‍රියාදාමය බාහිර විගනකයින් විසින් අධීක්ෂණය කරනු ලැබීය.
2013 වර්ෂයේදී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් ස්වයංක්‍රීය ගනුදෙනු ක්‍රමයෙහි නූතන හා දියුණු අපදා ප්‍රතිසාධන සැකසුමක් ඉදිරිපත් කරමින් අපේක්ෂිත මට්ටමේ ප්‍රතිසාධන අරමුණු සාක්ෂාත් කරගැනීම ක්‍රියාවට නැංවිණි. මෙම ක්‍රියාවලිය නිරන්තර ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
ගෝලීය වශයෙන් අනෙකුත් කොටස් වෙළෙඳපොළ පිළිගත් ක්‍රමවේදයක් වන මෙමඟින් අපේක්ෂා කරනුයේ ඕනෑම ආපදා වතාවරණයකදී පැය කිහිපයක් ඇතුලත සාමාන්‍ය පරිදි ගනුදෙනු හා මෙහෙයුම් කටයුතු නැවත කිසිඳු ඇරඹීමේ ශක්‍යතාව විමර්ශනය කොට බැලීමයි.
විශේෂයෙන්ම ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයක් (Disaster Recovery Site) පවත්වාගෙන යාම හරහා සාමාන්‍ය මහජනතාවට එනම් ආයෝජකයින්ට වෙළෙඳපොළ යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමේ ඉහළ හැකියාවෙන් පරිපූර්ණ වී තිබෙන බවට විශ්වාසයක් ගොඩනංවනු ලබයි.
2014 වර්ෂයේදී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව තොරතුරු ආරක්ෂණය , වෙළෙඳපොළ අඛණ්ඩතාව, තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණය යන අංශ සඳහා ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබාගැනීමට සමත් විය.
මේ පිළිබඳව අදහස් පළකරමින් ව්‍යාපාරික ආපදා කළමනාකරණය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරි ලලීන් පරණවිතාන මහතා ප්‍රකාශ කර සිටියේ, " මෙවැනි ආපදා ප්‍රතිසාධන සැලැස්මක් අත්හදා බැලීම අපගේ කොටස් වෙළෙඳපොල ගනුදෙනු සිදුකිරීමට දායකත්වය සපයන සියලුම සහභාගී කරුවන් සඳහා ඉතාම වැදගත්. එහිදී ඉතා විගසින් ආපදා කාලසීමාවකදී නැවත ප්‍රකෘති මට්ටමකට පත්විම පිළිබඳව පුහුණුවීමත් එහි යම්කිසි ඌනතා තිබේ නම් ඒවා මග හරවා ගැනීමත් අපගේ අරමුනයි. පෙර සූදානම් ගත දත්ත පද්ධති හරහා ඉතා කෙටි කාලයක් තුල ප්‍රකෘති තත්වයට පත්වීමේ හැකියාව අපසතුයි." යනුවෙනි.
කොතරම් බරපතල අපදා තත්වයක් හමුවේ වුවත් සාමාන්‍ය ගනුදෙනු කටයුතු පවත්වාගෙන යාමට හැකියාව සකස් කිරීම වෙළෙඳපොළ යටිතල පහසුකම් ඉහල මට්ටමක පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව සාක්ෂි සපයයි. අපගේ තාක්ෂණික කණ්ඩායම් මේ ක්‍රියාවලියන් සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සැකසුම් සිදුකොට තිබෙන බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ප්‍රධාන තොරතුරු නිලධාරී චන්ද්‍රකාන්ත් ජයසිංහ මහතා පැවසීය
සියලු පහසුකම් සහිත ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයක් පවත්වාගෙන යනු ලබන්නේ මෙවැනි කටයුතු වඩාත් සුගම ලෙස පවත්වාගෙන යාමටයි.
වසරකට වරක් මෙලෙස අත්හදා බැලීම් පවත්වමින් සිය තාක්ෂණික හා යටිතල පහසුකම් ඉහල නැංවීම කොටස් වෙළෙඳපොළ මූලික අපේක්ෂාවයි.
Video Story