July, 7, 2015
ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික විධායක නිළධාරියෙකු වන ක්‍රිෂාන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
මහ බැංකුව පවසන්නේ මෙම පත්කිරීම ජුනි 24 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර තිබෙන බවයි.
මෙරට තේ කර්මාන්තයේ ප්‍රවීණයෙකු වන පෙරේරා මහතා Forbes and Walker සමූහයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ පොදු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසමේ සහ ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙසද ක්‍රිෂාන්ත පෙරේරා මහතා කටයුතු කර තිබේ.
Video Story