රුපියල ගැන මහ බැංකුව මෙසේ කියයි

    May, 16, 2020

    2020 වසරේ මාර්තු මාසයේ මැද භාගය දක්වා ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල කොවිඩ්-19 වෛරසය පැතිරීමත් සමඟ ප්‍රධාන වශයෙන් වෙළෙඳපොළ තුළ පැවති අහිතකර සමපේක්ෂණ ගනුදෙනු හේතුවෙන් මාර්තු මස අග භාගයේ සිට අප්‍රේල් මැද දක්වා තියුණු ලෙස අවප්‍රමාණය විය.

    කෙසේ වුවත්, 2020 වසරේ මැයි මස පළමු සතිය තුළ දී සිදු වූ කැපී පෙනෙන අතිප්‍රමාණය වීමත් සමඟ විනිමය අනුපාතිකය ක්‍රමයෙන් ස්ථාවර විය.

    ඒ අනුව, 2020 වසරේ මැයි මස 15 වන දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 3.4කින් අවප්‍රමාණය විය.

    අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් 2020 වසරේ මැයි 15 දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුපියල, ජපන් යෙන්වලට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර යූරෝ, ස්ටර්ලින් පවුම, කැනේඩියානු ඩොලරය, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2020 පෙබරවාරි මාසයේ විදේශී්‍ය අංශයේ ක්‍රිවාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.