July, 8, 2015
ප්‍රසිද්ධ “Sony Six” ක්‍රීඩා නාලිකාව අයත් MSM India සමාගමට එළඹෙන ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් තරගාවලියේ වාණිජ අයිතීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමා තිබේ.
මේ අනුව, මෙම තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටතදී රූපවාහිනීය, ගුවන් විදුලිය සහ අන්තර් ජාලය ඔස්සේ විකාශය කිරීමේ අයිතිය හිමිවන්නේ MSM India සමාගමටයි.
මීට අමතරව, ඉන්දියානු ටෙස්ට් තරගාවලියේ අනුග්‍රාහකත්ව අයිතියද මෙම සමාගමට පිරිනමා තිබේ.
මෙම අයිතීන් ලබාගැනීම සඳහා MSM India සමාගම ලංසු කැඳවීමේදී ඉහළ ලංසුවක් ඉදිරිපත් කර තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.
Video Story