June, 5, 2020
ශ්‍රී ලංකාවේ තෘතීය අධ්‍යාපන සැපයුම්කරුවන් අතර සිටින ප්රමුඛයෙකු වන ICBT විශ්ව විද්‍යාලය විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය මගින් දේශීය සහ විදේශීය සිසුන්ට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල මුදල් වලින් ගාස්තු ගෙවීමේ අවස්ථාව මේ සමග උදාවී තිබේ.
බැංකුව විසින් මෙම විශ්ව විද්‍යාලය සඳහා ලබාදී තිබෙන IPG සේවාවන්ට ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් අනුමත කිරීම, වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ සන්නාම වලින් යුතු කාඞ්පත් වලින් කරන සෘජු ගෙවීම් සැකසීම ඇතුළත් වේ.
මෙහිදී, මෙම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය ඔස්සේ සිදුකරන අන්තර්ජාල ගෙවීම් ක්‍රියාවලිය සඳහා කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සපයන අතර ඒ සඳහා සම්පූර්ණයෙන්ම ගෙවීම් කාඞ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප්‍රමිති (PCI-DSS) අවශ්‍යතාවයන්ට අනුකූල මාස්ටර්කාඞ් ගෙවීම් සේවාව සපයා තිබේ. මෙය ඉතාමත් ආරක්ෂාකාරී ඊ-වාණිජ්‍යය විසඳුමක් වන අතර මෙහිදී කාඞ්පතේ තොරතුරු ඉතාමත් ආරක්ෂාකාරීව ගෙවීම් සර්වරයේ සැකසෙන අතර එය වෙළඳුන්ගේ පාර්ශවයෙන් සැකසීමක් සිදු නොවේ.
කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් සේවාව මගින් වංචා මැඩලන සේවා රැසකට ප්‍රවේශය ලබාදී තිබෙන අතර ‘මාස්ටර්කාඞ් සෙක්යෝ කෝඞ්’, ‘වේරිෆයිඞ් බයි වීසා’ ත්‍රිමාන ආරක්ෂිත ස්ථීර කිරීමේ විසඳුම ඒ අතර වේ. මීට අමතරව කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලසුම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව හැසිරවීමේ අවස්ථාව, ටෝකෙනයිසේෂන් හරහා කාඞ්-ඔන්-ෆයිල් ගනුදෙනු සක්‍රීය කිරීම, මිලදීගන්නාගේ කාඞ්පතේ සංවේදී දත්ත වෙළෙඳුන්ගේ පද්ධතියෙන් ඈත්කිරීම ඇතුළත් වේ. මේ අතර, PHP, Java සහ C Sharp වැනි බහුවිධ භාෂා පද්ධතීන්ට මෙමගින් ඒකාබද්ධතා විකල්පයන් ලබාදෙන අතර විවිධ වූ උපකරණ භාවිතා කරන්නන්ට පහසු අත්දැකීමක් ලබාදීම සඳහා නිර්මාණය කර තිබෙන උපකරණ ප්රශස්ත ගෙවීමක් සඳහා සහයෝගය ලබාදෙයි.
බැංකුව විසින් ICBT විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ පොයින්ට්-ඔෆ්-සේල් පර්යන්ත පිහිටුවා තිබෙන නිසා දෙමව්පියන්ට සහ සිසුන්ට වීසා, මාස්ටර්කාඞ් හෝ යුනියන්පේ ක්‍රෙඩිට් කාඞ්පත් මගින් ගෙවීම් කිරීමේ අවස්ථාව උදාවී ඇත.
2000 වසරේදී ආරම්භ කළ ICBT විශ්ව විද්‍යාලයේ පුද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතනයක සිටින වැඩිම සිසුන් සංඛ්‍යාව ඉගෙනුම ලබයි. මෙම විශ්ව විද්‍යාලය මගින් සහතිකපත්‍ර මට්ටමේ වැඩසටහන්, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, පූර්ව-විශ්ව විද්‍යාල පදනම් වැඩසටහන්, උපාධි අපේක්ෂක වැඩසටහන් සහ එංගලන්තයේ සහ ඕස්ටේ්රලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන සේවා සම්පාදකයින් සමග ඒකාබද්ධ වී පශ්චාත් උපාධි මට්ටමේ වැඩසටහන් පවත්වයි. ICBT සතුව අති නවීන පහසුකම් වලින් යුතු ප්‍රධාන විශ්ව විද්‍යාලය කොළඹ 04 හි පිහිටුවා තිබෙන අතර මහනුවර, මාතර, ගාල්ල, නුගේගොඩ, කුරුණෑගල, යාපනය සහ මඩකළපුව ප්‍රදේශවල ශාඛා විශ්ව විද්‍යාල පත්වාගෙන යයි.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
Video Story