June, 8, 2020
ඇමරිකාව පදනම් කරගත් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම සඟරාව විසින් ගෝලීය බැංකු වෙනුවෙන් සම්මාන ලබාදුන් පසුගිය වසර 27 තුළදී 20 වතාවක්ම කොමර්ෂල් බැංකුව මෙම සම්මානයට පාත‍්‍රකර තිබීම කැපී පෙනේ.
ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ආසියානු පැසිෆික් කළාපයේ ගෞරවණීය බැංකු 28 ක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙන අතර කොමන්වෙල්ත් බෑන්ක් (ඕස්ටේ‍්‍රලියාව), වෙස්ට්පැක් නවසීලන්තය, ICBC (චීනය), ද බෑන්ක් ඔෆ් ඊස්ට් ඒෂියා (හොංකොං) සහ ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්ඩියා යන එම රටවල හොඳම බැංකු ලෙස තේරී පත්වූ බැංකු සමග කොමර්ෂල් බැංකුවද මෙවරත් එක්වී තිබේ.
මෙම සම්මානලාභීන් තෝරා ගැනීම සඳහා එම බැංකුවල අරමුණු සහ විෂය ක‍්‍රමවේදයන් ඇගයීමට ලක්කර තිබෙන අතර වාර්ෂිකව හොඳම නැගී එන වෙළඳ පොළ බැංකු තෝරා ගනු ලබන්නේ ලොව පුරා සිටින කර්මාන්තයේ විශ්ලේෂකයින්, ආයතනික විධායකවරුන්, බැංකුකරුවන් සහ බැංකු උපදේශකයින්ගේ මැදිහත්වීම මත සඟරාවේ කර්තෘවරුන් විසිනි. මෙම ප‍්‍රමුඛතම බැංකු තෝරාගැනීම සඳහා ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් දත්ත මත පදනම් වූ ස්වාධීන තක්සේරු කිරීමක් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු සාධක පිළිබඳව අවධානය යොමු කරයි.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්.රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මේ අවස්ථාවේ අපගේ අරමුණ වී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර නැවත නගා සිටුවීමට සහාය දැක්වීමයි. නමුත්, අභියෝගාත්මක පරිසරයක් තුළදී පවා 2019 වසරේදී අපගේ කාර්ය සාධනය ඇගයීමට ලක් කිරීම අපිව දිරිමත් කරවන සුළුයි. බැංකුකරණය වෙනුවෙන් පිරිනමන ඉතාමත් ගෞරවණීය සම්මානයක් ලෙස මෙම සම්මානය සැලකෙනවා. මෙවැනි සම්මාන මගින් අභියෝගාත්මක කාල සීමාවල පවා ඉතාමත් ඉහළ ප‍්‍රමිතියක් පවත්වාගෙන යාමට අපගේ කණ්ඩායම තවදුරටත් දිරිමත් වෙනවා.’
2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ සියළු බැංකු අතුරින් ඉහළම ලාභදායීතාවය, ඉහළම ණය වර්ගීකරණය, ඉහළම තැන්පතු පදනම, ඉහළම ණය කළඹ සහ කොටස්කරුවන්ගේ සාමාන්‍ය අරමුදල් වලට ඉහළම ප‍්‍රතිලාභය වාර්තා කිරීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.
බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට ‘ශක්තිමත්ම’ බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව මෑතකදී තෝරා ගන්නා ලදී. මීට අමතරව, බැංකුව විසින් මේ වසරේදී දිනාගත් ජාත්‍යන්තර සම්මාන අතරට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඉන්ටර්නැෂනල් බිස්නස් මැගසින් ලබාදුන් ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව’ සහ ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම වෙළඳ මූල්‍යකරණ බැංකුව’ යන සම්මාන සහ එංගලන්තයේ ග්ලෝබල් බෑන්කිං ඇන්ඞ් ෆයිනෑන්ස් රිවීව් විසින් ශ‍්‍රී ලංකාවේ සිල්ලර බැංකුකරණය වෙනුවෙන් ප‍්‍රදානය කළ ‘දශකයක විශිෂ්ටත්වය’ යන සම්මාන ඇතුළත් වේ.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
Video Story