නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් බිලියන 7ක “නේෂන්ස් දිරිය” අරමුදල අරඹයි

    July, 2, 2020

    “ජනතාවට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ අරමුණු හා අභිලාෂයන් තිරසාර ආකාරයකින් සාක්ෂාත් කර ගැනීම සඳහා මූල්‍ය සේවා සහ තොරතුරු ලබා දීම” යන තම දැක්ම මත පදනම්ව වර්තමාන කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් අහිතකර බලපෑමට ලක්වූ ව්‍යාපාරවලට සහාය වෙමින් ජාතික ආර්ථිකයේ පුනර්ජීවය නැවත ස්ථාපිත කිරීම වෙනුවෙන් කැප වීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පෙරට පැමිණ තිබේ. මෙම තත්ත්වය සලකා බලමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් සිය අභ්‍යන්තර අරමුදල් මගින් රුපියල් බිලියන 7 ක් වෙන් කර ඇති අතර එමඟින් කඩා වැටුණු සහ විවිධ අහිතකර තත්වයන්ට මුහුණ දී සිටින ව්‍යාපාර නැවත සවිබල ගැන්වීමට බලාපොරොත්තු වේ.

    ‘නේෂන්ස් දිරිය’ ලෙස නම් කර ඇති මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකුව විසින් සිය ව්‍යාපාර මුල්‍ය සේවාවන් වන ‘නේෂන්ස් අපනයන දිරිය’ හරහා අපනයනකරුවන් වෙතද ‘නේෂන්ස් ව්‍යාපාර දිරිය’ හරහා දේශීය නිෂ්පාදකයන් වෙතද “නේෂන්ස් දිරිය” ආධාරක අරමුදල් ප්‍රතිලාභ ළගා කරවීමට අපේක්ෂා කෙරේ. ඒ හරහා ආයතනික මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තරඟකාරී පොළී අනුපාත යටතේ ආකර්ෂණීය ණය පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇති අතර එමගින් සෘජු හෝ වක්‍ර අපනයන අරමුණු කරගත් ව්‍යාපාරවල නියැලී සිටින කර්මාන්ත රාශියක් නැවත ගොඩනැංවීමට සහ දේශීය නිෂ්පාදන කටයුතුවල නියැලී සිටින ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍යමය ආධාර ලබා දෙමින් ආර්ථිකය විශාල වශයෙන් නඟා සිටුවීමට උපකාරී වනු ඇතැයි නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විශ්වාසයි.

    දේශීය නිෂ්පාදන, ධීවර, අගය එකතු කළ කෘෂිකර්මාන්තය, තේ, සැකසූ ආහාර, පාන වර්ග, කුළුබඩු, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම රසායනික නිෂ්පාදන, ඛනිජ සහ තෙල් නිෂ්පාදකයින්ගේ ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර ලබා දීම සඳහා “නේෂන්ස් දිරිය” වේදිකාව සකස් කර ඇත. තවද, ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ප්‍රවාහය සපයන තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) සමාගම් සඳහා ද මෙම පහසුකම හිමිවේ.

    මේ පිලිබඳ අදහස් දැක්වූ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත තල්වත්ත මහතා පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකුවක් ලෙස ආර්ථික පුනර්ජීවනයට සහ ව්‍යාපාර නඟා සිටුවීමට සදහා අපට වැදගත් කාර්යභාරයක් පැවරී තිබෙනවා. ලෝකයටම බලපෑ COVID 19 වසංගතය අප වෙත ගෙන ආ ආර්ථික බාධාවන් මඟහරවා ගැනීම සඳහා ජාතියට සහයෝගය දැක්වීම අපගේ වගකීම බව අපි විශ්වාස කරනවා. අපට මුහුණ දීමට සිදු වූ එම ව්‍යසනය මුළුමනින්ම අනපේක්ෂිත වූ හෙයින්, කිසිදු පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරයකට ඔවුන් මුහුණ දුන් අභියෝගයන්ට හැඩගැසීමට කාලයක් තිබුනේ නැහැ.”

    තල්වත්ත මහතා තව දුරටත් කියා සිටියේ, “බැංකුවක් වශයෙන් අප ලබා දෙන මුල්‍ය පහසුකම් විවිධ කර්මාන්ත හා ව්‍යාපාරික අංශ වෙත ව්‍යාප්ත වී ඇති අතර ඒවා ආර්ථිකයට විශාල වශයෙන් උපකාරී වනවා. තව දුරටත් විවිධ ව්‍යාපාරවලට අවශ්‍ය සහන සැපයීම කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇති අතර මෙම තීරණාත්මක මොහොතේදී ඔවුන්ට සහාය වීමෙන් කඩා වැටුණු ව්‍යාපාර නැවත නගා සිටුවීමට හැකි බව අප විශ්වාස කරනවා.”
    පසුගිය මාස කිහිපය තුල COVID -19 වසංගතයත් සමග ශ්‍රී ලංකාව මුහුණ දුන් තීරණාත්මක තත්ත්වයන් තුලදී ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ජනතාව දැනුවත් කරමින් අනුගමනය කළ යුතු ආරක්ෂක පියවරයන් පිළිබඳව මග පෙන්වීමට කටයුතු යෙදිය. එසේම, වසංගතය හේතුවෙන් රට වසා දැමුණු තත්වයක් තුලදී වුවත් යහපත් හෙට දවසක් වෙනුවෙන් අපේක්ෂා රදවා ගැනීමට සිය පාරිභෝගිකයන් දිරීමත් කිරීමටද බැංකුව නිබඳව කැපවිය.

    මෙම සුවිශේෂී ණය යෝජනා ක්‍රමය පිලිබඳ 0770061794 / 4 313149 (දිමුතු), 0766453254 / 4 313307 (බුද්ධික) ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක. එමෙන්ම, diriya@nationstrust.com ඊ මේල් ලිපිනය ඔස්සේ හෝ www.nationstrust.com වෙතින්ද ඕනෑම නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛාවකින්ද වැඩි විස්තර ලබා ගැනීමේ පහසුව සලසා ඇත.

    ‘Business Today’ සඟරාව මගින් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප‍්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වන FriMi හඳුන්වා දෙන ලද්දේ ද නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 96 ක් විවෘත කර ඇති අතර ATM යන්ත‍්‍ර 127 ක්ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත‍්‍ර 48 ක්ද ස්ථාපිත කර ඇති අතර LankaPay ජාලය ඔස්සේ තවත් ATM යන්ත‍්‍ර 3,700 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.

    ජයාරූපය : නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසින් අපනයන සහ දේශීය ව්‍යාපාර සදහා හදුන්වා දුන් නේෂන්ස් දිරිය’ ණය සේවාව යටතේ පළමු ණය පහසුකමට අදාළ ලියකියවිලි නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ උප සභාපති (වාණිජ බැංකුකරණ) අරෝෂ ලියනාරච්චි මහතා (දකුණු කෙලවර) විසින් මෙෂ්මාර්ට් පුද්ගලික සමාගමේ සභාපති / කළමණාකාර අධ්‍යක්ෂ තුෂාන් ජයසුන්දර මහතා වෙත ලබා දෙන අයුරු ජයාරුපයේ දැක්වේ. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ වාණිජ බැංකුකරණ අංශයේ නියෝජ්‍ය කලමනාකර කසුන් ප්‍රනාන්දු. ජ්‍යෙෂ්ට කළමණාකාර කුරුණෑගල ශාඛාව - මොනිෂ්ක යහම්පත් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වුහ.