July, 24, 2015
මේ වනවිට මෙරට රේගුවේ විශාල අඩුපාඩුවක්ව පවතින බහාලුම් නිරීක්ෂණ කාර්ය පුළුල් කිරීම සඳහා රේගුව සඳහා නවීන බහාලුම් පරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රජය සූදානම් වේ.
ශ්රී ලංකා රේගුව විසින් දිනකට බහාලුම් 1100 ක් පමණ මුදා හැරීමට කටයුතු කරන අතර එයින් තෝරාගත් බහාලුම් සියයට 10-15 ත් අතර ප්රමාණයක් දෙපාර්තමේන්තුව සතු ස්කෑන් යන්ත්ර මගින් මේ වනවිට එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කරයි.
රජය සඳහන් කරන්නේ දැනට දෙපාර්තමේන්තුව සතු ස්කෑන් යන්ත්ර වසර 08 ක් පමණ පැරණි බවත් ඒවා නිරතුරුවම අළුත් වැඩියාවට ලක්කළ යුතුව තිබෙන බවයි.
Video Story