වයිබර් communities විශේෂාංගය තුළ ප්‍රතිචාර දැක්වීමේ අවස්ථා පුළුල් වෙයි

    July, 28, 2020

    ලෝක ඉමොජි දිනය (#WorldEmojiDay) වෙනුවෙන් නවතම කෙටි පණිවුඩ ප්‍රතිචාර පෙළක් එළිදකී  

    ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, සිය communities විශේෂාංගය තුළ ප්‍රතිචාර දැක්වීමේ විධි ක්‍රම වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ක්ෂණික කෙටි පණිවුඩ සඳහා ඇති ඉල්ලුම ගෝලීය වශයෙන් වර්ධනය වීමත් සමඟ සිය පරිශීලකයින්ට සිය අදහස් කෙටි පණිවුඩ හරහා සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළ හැකි නිර්මාණශීලී පරිසරයක් ගොඩනැගීම වයිබර් හි අරමුණ වී ඇත.

    ඒ අනුව යම් කෙටි පණිවුඩයකට ප්‍රතිචාර දැක්වීමේදී ඒ අසල ඇති ‘හදවත’ හැඩය ගත් අයිකනය මත දිගු ස්පර්ශයක් ලබාදීමෙන් එම පණිවුඩයට like, lol, shock, sadness, හෝ anger වැනි ඕනෑම ප්‍රතිචාරයක් එක්කිරීමේ අවස්ථාව උදා වේ. මෙම පුළුල් හැඟීම් ප්‍රකාශන අවස්ථා නිසා Community විශේෂාංගය තුළ ඇති පණිවුඩ, ඡායාරූප හා වීඩියෝ ඇතුළු අන්තර්ගතයන්ට, වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව වයිබර් පරිශීලකයින්ට හිමි වේ.

    සන්නිවේදනය යනු දෙපසට ම ගමන් කළ යුතු ක්‍රියාවලියකි. එනිසා තමන්ගේ පණිවුඩවලට සිය සහෘදයින් ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද යන්න දැනගැනීමේ හැකියාව ද පරිශීලකයින්ට තිබිය යුතුය. ඒ සඳහා අදාළ පණිවුඩයට දිගු ස්පර්ශයක් ලබාදී “Info” යන්න තේරූ විට එම පණිවුඩයට සිය සහෘදයින් දක්වා ඇති ප්‍රතිචාර සියල්ල දැකගත හැක.

    “සිය පරිශීලකයින්ට උපරිම නිවැරදිතාවයෙන් යුතුව සිය හැඟීම් ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදාකරදීම සඳහා වයිබර් කැප වී සිටිනවා. කෙටි පණිවුඩයක් කියවීමේදී අප තුළ ඇති වන හැඟීම් සියල්ල ‘like’ යන්නට ගොනු කර දැක්වීම සාර්ථක නැහැ. එනිසා වැඩි යමක් කිරීමේ වුවමනාව අපට තිබුණා. නව Message Reactions විශේෂාංගය ඔස්සේ වඩාත්ම යෝග්‍ය අයුරින් ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව දැන් පරිශීලකයින්ට හිමිවී තිබෙනවා” යනුවෙන් වයිබර් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඔෆිර් එයාල් මහතා පැවසීය.