August, 10, 2020
මෙරට ප්‍රමුඛතම විලාසිතාගාරයක් වන හවුස් ඔෆ් ෆැෂන් විසින් අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවිකිරීම සඳහා අන්තර්ජාල ගෙවීමේ පිවිසුම් (IPG) සේවා ලබාදෙන්නා ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.
මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් හවුස් ඔෆ් ෆැෂන් වෙත ලබාදෙන සේවා අතරට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ් අනුමත කිරීම සහ අන්තර්ජාල වෙළඳපොළ සඳහා සෘජුවම ගෙවීම් සැකසීම ඇතුළත් වේ. වීසා සහ මාස්ටර් කාඞ්පත් මෙන්ම යුනියන්පේ සන්නාම වලින් යුත් කාඞ්පත් මෙම සේවාව තුළින් පිළිගන්නා බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
houseoffashions.lk හි, අන්තර්ජාල ගෙවීම් සැකසීම සඳහා කොමර්ෂල් බැංකුව මාස්ටර්කාඞ් පේමන්ට් ගේට්වේ සර්විසස් (MPGS) තුළින් පහසුකම් ලබාදෙන අතර ගෙවීමේ කාඞ් කර්මාන්තයේ දත්ත ආරක්ෂිත ප්‍රමිති (PCI-DSS) අවශ්‍යතාවයන්ට සම්පූර්ණයෙන්ම මෙය අනුකූල වේ. මෙහිදී, සිදුවන්නේ කාඞ්පත්වල තිබෙන ඉතාමත් සංවේදී තොරතුරු වෙළඳ නියෝජිතයින්ගේ පද්ධති වලින් ඈත්කර තැබීමයි.
මාස්ටර්කාඞ් පේමන්ට් ගේට්වේ සර්විසස් (MPGS) භාවිතා කිරීමේ අනිකුත් වාසි අතරට වංචා මැඩලීමේ පුළුල් පහසුකම් මාලාවකට ප්රවේශවීමේ අවස්ථාව, ‘Mastercard Secure Code’ සහ ‘Verified by Visa’ 3D ආරක්ෂිත තහවුරුකිරීමේ විසඳුම් සඳහා සහයෝගය ලබාදීම දැක්විය හැකිය. මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලසුම් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව හැසිරවීම, ටොකනයිසේෂන් ක්‍රමය මගින් කාඞ්-ඔන්-ෆයිල් ගනුදෙනු කිරීමේ අවස්ථාව ලබාදීම, අවශ්‍ය පද්ධති වලින් මිලදීගන්නාගේ සංවේදී කාඞ්පත් තොරතුරු ඈත්කර තැබීමද මෙහිදී සිදුවේ. මෙමගින් PHP, Java සහ C Sharp යන බහු භාෂා සඳහා ඒකාබද්ධතා විකල්ප ලබාදෙන අතරම ඩිවයිස් ඔප්ටිමයිස්ඞ් ගෙවීමේ තිර සඳහාද සහයෝගය ලබාදෙන අතර මෙය නිර්මාණය කර තිබෙන්නේ විවිධ වූ උපකරණ ඔස්සේ භාවිතා කරන්නන්ට ඉතාමත් පහසු අත්දැකීමක් ලබාදීම සඳහායි.
1992 වසරේදී ආරම්භ කළ හවුස් ඔෆ් ෆැෂන් තනි පුද්ගලයෙකුට අයත් දකුණු ආසියාවේ තිබෙන විශාලතම විලාසිතාගාරය ලෙස සැළකෙන අතර එහිදී පාරිභෝගිකයින්ට ඇඳුම් පැළදුම්, පාවහන්, ගේ දොර උපකරණ ඇතුළු භාණ්ඩ එක් වහලක් යටදී මිලදීගත හැකිය. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම විලාසිතාගාරයක් ලෙසින් කැපී පෙනෙන අතර පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සිතැඟි අනුව විවිධත්වයෙන් යුතු විලාසිතා මාලාවක් තෝරාගත හැකිය.
ඊ-වාණිජ්‍යයේ ප්රතිලාභ ලබාගත හැකි අයුරින් දේශීය ව්‍යාපාර දියුණු කිරීමේ කොමර්ෂල් බැංකුවේ ජීවගුණය විදහා දක්වමින් බැංකුව විසින් පසුගියදා ‘ComBank Simple Pay’ යනුවෙන් විප්ලවීය පද්ධතියක් හඳුන්වා දුන් අතර එමගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ඩිජිටල්කරණය කර ගැනීමේ අවස්ථාව ලබාදී ඇත. මේ අනුව, ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින්ට වෙබ් අඩවි සංවර්ධනය කිරීමට සහ නිර්මාණය කිරීමට වැඩි මුදලක් වැය නොකොට මේ සමග එක්වී තමන්ගේම අන්තර්ජාල වෙළඳ සැලක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබේ. මෙමගින් මෙම ව්‍යවසායකයින්ට තමන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීම, ඉලෙක්ට්‍රොනික ගෙවීම් පිළිගැනීම සහ තමන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල්කර ගැනීම සිදුකර ගත හැකිය.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.